🥀 තිස්වෙනි දිගහැරුම ....

2.7K 508 408
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .........

ජාන් යීබෝට විස්තරය කෙටියෙන් කීවේය ......

**

" ගේ අස්සට වෙලා ඉදගෙන කරලා තියෙන දේවල් මගෙ ටුටුවා .....මොනවා උනත් ඔයා කරපු වැඩෙන් අර නිවුස් එක යට යනවා ඔන්න ....  මැණික මම ආය ෂූටින් වලට යනවා ඉවරවෙලා අද ස්ටේජ් ප්‍රෆෝමන්ස් එකක් තියෙනවා ... රෑ දොළහට විතර මම ගන්නම් හොදේ....."

යීබෝ සිනාසෙමින් කීවේය ....

" හා බුගී....... පරිස්සමෙන් වැඩකරන්න .....ඔයා දවල්ට කෑවද .... බඩගින්නෙ ඉන්න එපා.......... ආය ආව දවසක බිනා එක්ක බත් කන්න කැමතිවෙන්න හොදේ....."

ජාන් සිනාසෙමින් කීවේය .....

"හරි හරි ඉතින් ....... අනිවාර්යයෙන් ...  බිනා විතරක් නෙවෙයි අනිත් යාලුවවත් ගෙන්නලා අපි ට්‍රීට් කරමු .... එහෙනම් මම  යනවා.... love you  ටුටූ....."

" love you ...... බුගී....."

*******

පෙරදා රාත්‍රියේ ක්ලබින් ගොස් එනවිට පාන්දට දෙකත් පසුවී තිබුනු නිසා යැංසි තවමත් සිටින්නේ නීන්දේය.... වෙයිබො තුල සිදුවෙමින් තිබෙන කිසිම දෙයක් ඇය මේ වනතුරුත් දන්නේ නැත..... අපිට එක පිට එක පිට දුරකථනයට ඇමතුම් රාශියක් ලැබෙන නිසා ඇය එයත් ක්‍රියා විරහිත කර දැමුවේ හිසට දැනෙන තදබල වේදනාව නිසාවෙන් ඇයට තව ටිකක් නිදා ගන්නට අවශ්‍ය නිසාය ....

නමුත් එක් එක් වරම දොරට එක පිට එක පිට තඩි බාමින් කෑගහන ෂූයෑන්ග් ගේ හඩ නිසා යැංසි අපහසුවෙන් ඇඳෙන් බැස දොර හැරියේය .... ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නාක් මෙන් දැඩි හිසරදයෙන් පෙළෙමින් සිටි යැංසිගේ හිසකේ වලින්ම අල්ලාගෙන ෂූයෑන්ග් ඇයට පහර පිට පහර දෙන්නට පටන්ගත්තේය ....

" අනේ........මමා..............පපා..........බේරගන්නෝ.......... ගගා...........නවත්.......තපිය..........මගෙ..........කොන්ඩෙ  .....අතෑරපිය.............පප..............මමා එන්..........ඩෝ.........."

වේදනාව දරා ගන්නට නොහැකි තැන යැංසි යටිගිරියෙන් කෑ ගහන්නට පටන් ගත්තේය ....අඩුම තරමේ ඇය මෙසේ ගුටි කන්නට හේතුව වත් ඇය දැනගෙන සිටියේ නැත .....ෂූයෑන්ග් ගේ පහරවල් වලට පින් චිත්ත වන්නට ඇයගේ මුහුණ ඉදිමී තිබුණි ...

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now