🥀 පහලොස් වන දිගහැරුම ....

3.3K 581 172
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .......

" අනේ රිදෙනවා ආන්ටි ....... ආවු......... හිමින්......"

ශෙරීන් යැංසිගේ දනහිසෙහි තුවාලයට බෙහෙත් දාන අතර ඇය කෑගසා හඩන්නේ තුවාලයේ වේදනාවටත් වඩා හිතේ වේදනාවටයි....යීබෝ ඇයව ස්ටූඩියෝ එකෙන් ඉවතට තල්ලු කරද්දි සපත්තු දෙක නිසා පෙරළි වැටුණු අවස්ථාවේ ඇගේ දණහිස් දෙකම තුවාල වී තිබුණි .....

" මම මේක ලේසියෙන් අතාරින්නෑ ශෙරීන් ආන්ටි..... ඔය ස්ටූඩියෝ එකේම මම බෝ එක්ක පොටෝ ෂූට් එකක් නොකලොත් මම යැංසි නෙවෙයි......"

ශෙරීන් ඇය දෙස බලා සිටින්නේ වේදනාව මුසුවූ හැඟීමකිනි.....

" ඔයා බයවෙන්නෙ නැතුව ඉන්න ඩාලිං ..... අපි ටිකක් නිශ්ශබ්දව වෙන්නේ මොනවද කියලා බලාගෙන ඉමුකො ... අනික අර කොල්ලගෙ පපා කියන්නෙ මගෙ ඉත්තෙක් ඒක අමතක කරන්න එපා....."

ශෙරීන් යැංසිව අස්වසන්නට උත්සාහ කලේය.....

" බෝ එදා ඉඳලාම අමුතුයි තමා ඒත් අර කොල්ලා ලංවුනාට පස්සෙ ඒක වැඩී ආන්ටි......"

ඇය කදුලු සලමින් තවමත් කියවීම අවසන් කර නැත .....

" මම මේ දැම්ම ගගා ටත් මේක කියනවා .... එයාටත් තියනවා බෝ එක්ක ඇරියස් එකක් ....."

යැංසි දුරකතනය අතට ගනිමින් කීවේය ....

" හරි දැන් එන්නකො මම ඔයාව ඩ්‍රොප් කරන්නම් .... මාත් යන්න ඕන..."

ශෙරීන් කීවේය ... ඔවුන් මේ සිටින්නේ ශෙරීන් ගේ පියාගේ නිවසේය.... නමුත් ශෙරීන් ෂියාඕ සමඟ විවාහ වු පසු ශෙරීන්ගේ පියා ඇයට වෙනම ජීවත් වෙන්න යැයි කීවේය ...

********

පැය භාගයක පමණ ගමනකින් පසුව යීබෝ ඔහුගේ පියාගේ නිවස ඉදිරිපිට වාහනය නතරකලේය ..... මේ අවස්ථාවේ ඔහුට වෙන යන්නට තැනක් නැත.... ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම යීබෝට ඉතින් සිහිනයක් පමණි .... වෙලාවකට ඔහුගේ ජනප්‍රියත්වය ඔහුටම මහ කරදරයක් වන්නේය....

" එන්න ටුටූ....."

යීබෝ වාහනයෙන් බැස ජාන්ට කතාකලේය ... ජාන් තවමත් සිටින්නේ පුදුමයෙන් මෙන් සාමාන්‍ය නිවස දෙස බලාගෙනයි ... ඉතින් දෙවැනි වතාවටත් යීබෝ කතාකල පසු ජාන් වාහනයෙන් බැස්සේය .....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now