🥀 .. අටවෙනි දිගහැරුම .....

3.1K 590 191
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 .......

🌞 🌞🌞🌞🌞

යීබෝ පුරුදු ලෙසින් අවදිවිය... ඇදමතින් වාඩිවී මද වේලාවක් පුරුදු ඉරියව්වෙන් සිත මෙන්ම ගතත් සැහැල්ලු කර ගත්තේය ..... පුරුදු ලෙසින් ම ජනේලය අසලට ගොස් ඉන් පිටතට පෙනෙන ෂැංහයි නගරයේ තවමත් දැල්වෙන විදුලි පහන් එළි දෙස බලාගෙන සිටින විටම දොරට තට්ටුකරන හඩ ඇසුනි...

" එන්න ලෙලේ ...."

ලෙලේ කාමරය තුලට පැමිණ ඔහුගේ baby කතා කරන තුරු අසලින් හිටගෙන සිටියේය ...

" අද කොහොමද මගෙ කාලසටහන ලෙලේ...."

ජනේලයෙන් පිටත බලාගෙනම යීබෝ ඇසුවේය....

",බේබි අද උදේ 7:00 වෙනකොට අපි ෂූටිංවලට යන්න ඕන .... හවස අනිද්දා තියෙන ටෙසන්ට් කොන්සට් එකට ප්‍රැක්ටිස් තියෙනවා .... ඒත් ......................................."

ලෙලේ කතාව මගින් නතරකල නිසා යීබෝ ඔහු දෙස බැලුවේය ...

" ඇයි ලෙලේ....'"

"නෑ ඒකෙ බේබි එක්ක ප්‍රෆෝම් කරන්න ඉන්නෙ යැංසි මැඩම් ........"

" මොකී ............. කවුද එහෙම කරන්නෙ... මගෙන් අහන්න නැතුව ඒ වගේ තීරණයක් ගත්තෙ කවුද.... මම කොන්සර්ට් එකට සහභාගි වෙන්නේ නෑ කියලා කතා කරලා කියන්න ....."

",බේබි.........."

" මගෙන් ආය ඔයගැන අහන්න එපා .... දැන් පැටලිලා තියෙන ප්‍රවෘත්ති තවත් ඇත්ත කරගන්නද ඕනේ ..... මම ඒකට සහභාගි වෙන්නේ නැහැ ... අදම මේ දැම්ම කතා කරල කියනවා..........."

යීබෝ කේන්තියෙන් කෑගැසුවේය ...

" බේබි බ්‍රෙක්ෆස්ට් ....'"

" හය වෙද්දී ලෑස්ති කරන්න කියන්න ජාන්ටත් එක්කම...."

යීබෝ අහක බලාගෙන කීවේය . .

" බේබි ...ඊයෙ රෑ...."

"ලෙලේ මම දැන් ඉන්නේ කේන්තියෙන් ....ඒක නිසා කරුණාකරලා මෙතනින් යන්න ..... "

ලෙලේ නිහඬවම කාමරයේ දොරත් වසාගෙන පිටව ගියේය ....

" දැන් නම් කේන්තිය පිටින් දාල හරි බේරුනා... ලෙලේ ඕක අහන එක නතර කරන්නෙත් නෑ ..... "

යීබෝ තනිවම සිතමින් වොෂ් රූම් එකට ගියේය .....

******

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now