🥀 . විසිතුන්වෙනි දිගහැරුම .....

3.6K 585 228
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ..........

" ටුටූ මගෙත් එක්ක තරහෙන් ඇති කියලා මට හිතුනා..... ඉතින් ...................."

යීබෝ තවත් කතාකරන්නට ගියත් ජාන් අතකින් ඔහුගේ මුව වැසුවේය .... ඉන්පසුව ඒ දෑස් දෙස බලාගෙනම සිටියේය ......

***

" බුගී...... ඔයා මගෙ විතරයි කියන්න මම දන්නවා..... බොරු කියන්න ඕනෙ නෑනේ ඒ වගේ දෙයක් මම අද  මුලින්ම දැකපු නිසා දුකක් ඇති වුනේ නෑ කියන්නේ නෑ .... හැබැයි මම හැමදේම තේරුම් ගත්තා .... ඒක නිසා කවදාවත් අපි දෙන්නා අතරට අවිශ්වාසය එන්න ඕනේ නෑ ....."

යීබෝට පුදුම සිතුනි..... කුඩා දරුවකු මෙන් ඔහු අසල සිටින ටුටූ පරිනත ලෙසින් කථා කරන විට  ඔහුගෙ දෑස් විසල් වී ගියේය..ජාන් යලිත් ඔහුගේ පපුව මතින් මුහුණ තියාගත්තේය .....

" ලියින්ග් ට මූණ පුරවලා එකක් දීගන්න නැතුව මං හරි අමාරුවෙන් හිටියෙ ටුටූ.... ඒජන්ට් ලා හිටපු නිසා.... හැබැයි මම ඒකිට වෙන පැත්තකින් රිටර්න් එක දුන්නා ...."

යීබෝ කිරිකෝපි උගුරු කිහිපයක් බොමින්  කීවේය ..... ජාන්ගේ මග් එක මේසය මත නිසා ජාන් යීබෝගෙ මග් එකෙන් කට තැබුවේය ... යීබෝ සිනාසෙමින් ඔහුට බොන්නට ඉඩහැරියේය ....

" ඔයා මොකක්ද කලේ බුගී......"

ජාන් හිස ඔසවා ඇසුවේය ...

" කමර්ෂල් එකකට දෙන්නෙක් සිලෙක්ට් වෙලා හිටියා.... ඒකී තව එකියෙකුයි.... මට කිව්වා එක්කෙනෙක් තෝරගන්න කියලා .... මං මේකිව කපලා අනිකිව සිලෙක්ට් කලා.... ඒකි අවුලක් නෑ මගෙ වයස අනීක මැරීඩ් ....."

ජාන් යලිත් පපුව මතට වී සිනාසෙන්නේය ...

" ඉතින් උඹට හෙන හැපි නේ ටුටුවෝ....."

යීබෝ ජාන්ව තව තවත් වැළදගෙන කීවේය ....

" මට බොන්න දෙයක් නෑනේ යකෝ..... කෝප්පෙ ලංකරපු ටිකට ඔක්කොම ටික ඇදලා දැම්මද. ..."

යීබෝ යලිත් කෝපි උගුරක් බොන්නට යද්දී හිස් කෝප්පය දැක කෑගැසුවේය .... ජාන් පපුව මත හිදගෙනම සිනාසුනේය .....

" අර මගෙ එක තියෙන්නෙ ....."

ජාන් කීවේය ...

" දෙන්නෑ උඹට එක උගුරක්වත් .... යකෝ සුනාමියට අහු වුනා වගේනේ...."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now