🥀 විසි අටවෙනි දිගහැරුම ...

2.7K 525 250
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ........

යීබෝගෙ දුරකතනයට වැල නොකැඩී ගලාගෙන එන ඇමතුම් වලට පිළිතුරු දී හෙම්බත් වී සිටින්නේ යීබෝ නොව ලෙලේය.... කෙසේ හෝ සවස තුන වන විට යීබෝගෙ ෂූටින් අවසන් විය....

" බේබි....ඒජන්සි දෙකකින් urgent meeting දෙකක් කෝල් කරල තියනවා ...."

ලෙලේ කීවේය

"කවුරුහරි බූරුවෙක් මොකක් හරි මගුලක් දාපු ගමන් මුන් ඔක්කොටම කලින් කෙලින් කරගෙන එනවා ....."

වාහනයෙහි අසුන්ගත් යීබෝ කේන්තියෙන් කීවේය ....

" කීයටද දැන් ඕව තියෙන්නෙ .."

යීබෝ යලිත් ඇසුවේය ....

" මම කිව්ව ෂූටිං ඉවර වෙන්නෙ තුනට කියලා ... 03:45 වෙනකොට එකක් තියෙනවා ... අනික පහට ....."

" හ්ම්ම්ම්..... යමු එහෙනම් ඉතින්...."

යිබෝ ජාන්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අතර කීවේය ...

" බුගී....."

නිවසට ඇතුළු වූ ජාන් මේ වන තුරුම දුරකථනය අතේ තබාගෙන බලාගෙන සිටියේ මේ ඇමතුම එනතුරුයි .... ජාන්ගේ බියවී ඇති දෙනෙත් යීබෝ හොදින් දුටුවේය ...

" ඔයා පරිස්සමෙන් ගෙදර ආවා නේද මැණික....."

" ඔක්කොටම කලින් කියන්නකො ඔයා හොඳින්ද කියලා බුගී...."

ජාන් වේදනාවෙන් ඇසුවේය ...

" ඇයි මට මක්වෙලාද ... මම මේ හොඳට වත් ඉන්නේ ...."

යීබෝ සිනාසෙමින් කීවේය ...

" ඒත් අර වීඩියෝ ............"

" ඒවා මොනවත් මගෙ මැණික හිතන්න ඕන නෑ ..... ටිකක් නිදා ගන්න ...මම ගොඩක් රෑ වෙන්නෙ නෑ ...අපි ඇවිල්ල විස්තර කතා කරමුකෝ .... තේරුණාද ...."

ජාන් හිස සැලුවේය ...

ඇමතුම අවසන් කළ පසු යීබෝ දෙනෙත් පියාගෙන අසුනෙහි තරමක් දිග ඇදුනෙ බර හුස්මක් පිට කරමිනි....

*******

" මේ වගේ ගොසිප් වලින් ඔයාගේ නමට කැළලක් ඇති වෙනවා ... එහෙම relationsip එකක් තියෙනවා නම් ඔයා මේ දැන්ම ඒක නතර කරන්න ඕන.... එහෙම නැත්නම් මේ gossip එක රිජෙක්ට් කරන්න....."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now