🥀 තිස්තුන් වෙනි දිගහැරුම ...

2.7K 512 226
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ...........

🌞🌞🌞

යීබෝගේ නිවාඩු දින පහෙන් පළවෙනි දිනට පිටුවක් පෙරන්නට සූර්‍යා මහ සමුදුරෙන් මතුවෙමින් ආවේය .... පෙරේදා සිදුකල දඟකාරකම් වලට පින්සිද්ද වෙන්නට යීබෝ මෙන්ම ජාන්ද තවමත් තද නින්දේය ..... කිසිම වේලාවක යීබෝ නිවසට අවුත් සිටින්නේ නම් ජෙනී වත් ෂූයී වත් ඔවුන්ව අවදිකරන්නේ නැත... ...

" ටුටූ......බබා........ ටුටූ බබා....."

වෙනදාට යීබෝටත් කලින් අවදිවන ජාන් අද තවමත් යීබෝගෙ පපුව මතට වී සුව නින්දේය .... ඒ මුහුණෙහි ඇති සැනසිලිදායක බව යීබෝ හොදින්ම දුටුවේය ... දුරකතනය ගෙන වෙලාව් බැලූ යීබෝ එහි 8.45 ලෙසින් සටහන්වී ඇතිබව දුටුවේය ... ඉතින් එසේ වීම අරුමයක් ද නොවන්නේය .. ජාන්ගේ දගකාරකම් සියල්ලට මුහුණ දී දෙනෙත් පියාගන්නා විට පාන්දර තුනටත් ආසන්න වී තිබුනා නොවේදැයි යීබෝ සිතුවේය ....

ඔහු යලිත් තම පපුව නිරුවතින් නිදා සිටින ජාන් දෙස බැලුවේය .... ජිවිතයේ අදුරු කාලපරිච්ඡේදයක් අවසන්කර දිවියම ආලෝකවත් කල ආදරණීය ටුටූ..... ජාන්ගේ හිස සෙමින් අතගාමින් යීබෝ සිතුවේය ....

***********

තනිව දුක් විඳ ගෙවුණු කාලය හීසරක් මෙන් ඉගිලිලා..
අහිමි වී ගිය සිනහ නැවතත් නුඹ නිසාවෙන් හිමිවෙලා..
සිතම සනසන සෙනෙහෙ තුරුළට රැගෙන සිපුමක් තවරලා..
රකිමි සදහට ආදරෙන් මේ හුස්ම යට නුඹ සතපලා..

මගේම ආදරණීය ටුටූ මැණිකට ආදරෙන්... ❤️
බුගීගෙන්... 💚

.. @Mshihara නංගිගෙන් ඔන්න අදත් බුගීගෙ සිතුවිලි ලස්සනට... ස්තූතී නංගා.....

****************

" අනේ බුගී...... දැන්ම නැඟිටින්න බෑ අප්පා ...... අටට නැගිටිමු......"

ජාන් යීබෝගෙ බදවටා ඇති දෑත තවත් තදින් වෙලාගනිමින් කීවේය ....

" ටුට්ටෝ......දන්නවද වෙලාව කීයද කියලා ..... මේ බලන්න...."

යීබෝ දුරකතනයේ වෙලාව පෙන්වද්දී ජාන් සිනාසුනේය .....

" මං කිරි හදන් එන්නද....."

ජාන් ඇදමත වාඩිවෙමින් ඇසුවේය ....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now