🥀🥀 My ANTIFAN 🥀🥀 ..........
🌞 🌞🌞🌞
අලුත් ඉරක්...... ජාන්ගේ ජීවිතයට අලුත් ඉරක්... පෙම්වතෙකු ලෙසින් අවදිවන අලුත් දිනයට අලුත් ඉරක් .... හරියටම පහයි තිහට ජාන් අවදිවිය..... ඇදටමවී ඉදගෙන පෙරදා රාත්‍රිය ගැන සිහිකලේය ... රටක් වසඟ කල ජනප්‍රිය නලුවා තමන්ගේ පෙම්වතා නොවේදැයි ජාන් සිතුවේය ....මෙය සිහිනයක් නොවන බවත් පෙරේදා උදෑසන සිට තම දෙනෙත්වලින් ගලා ගිය කදුලුත් රාත්‍රියේ ඔහුට අමතකවූ බවත් ජාන්ට සිහිවිය...
ජාන් ඉක්මනින් වොෂ් එකක් ගෙන කාමරයෙන් පිටතට ආවේය ..... ජාන් එනතුරු මඟබලාගෙන සිටි කියෝ....
" ජාන් බේබි .... ඔයා හදන කිරි කෝපි එකත් හදාගෙන බේබීගෙ කාමරේ එන්න කිව්වා..."
යැයි කීවේය .... ජාන්ට පුංචි ලැජ්ජාවක් හිතුනත් ක්ෂනිකව ආඩම්බරයක් ද ඇතිවිය..... ඉක්මනින් සොන් ගෙන් අවශ්‍ය ද්‍රව්‍ය තියෙන තැන් අසාගෙන කිරිකෝපි දෙකක් හැදුවේය ...
" ඒක සුවඳයි...."
සොන් ඉව අල්ලමින් කීවේය .... ජෝගුවේ ඉතිරිවී ඇති කිරිකෝපි ටික සොන් අතටදී මග් දෙකත් වතුර වීදුරුවකුත් ට්‍රේ එකක් උඩින් තියාගත් ජාන් ඉක්මනින් යීබෝගෙ කාමරයට ගොස් දොරට තට්ටුකලේය ...
" එන්න ...."
ජාන් කාමරයට ඇතුල්විය ... යීබෝ සිටියේ විශාල ජනේලයෙන් ඈත පෙනෙන ෂැංහයි නඟරය දෙස බලාගෙනයි ....
" good morning ටුටූ ......"
වීදුරුවෙන් පිටත බලාගෙනම යීබෝ කීවේය .....
" good morning .... බුගී....."
බුගී යැයි කීවේ ඇසෙන නෑසෙන ගානටයි...
" එන්නකො..."
යීබෝ ජාන්ට ජනේලය අසලට කතාකලේය.... ජාන් ට්‍රේ එක මේසය මතින් තබා මග් දෙකත් රැගෙන ඔහු අසලට ගියේය ... යීබෝ එක් මග් එකක් අතට ගෙන ජාන්ව ඉදිරියට කර ඔහු පසුපසින් හිටගත්තේය ..... නිදහස් අත ජාන්ගෙ බදවටා දමා ඒ සවන් අසලින්ම දෙතොල් තබාගෙන කතාකලේය ....
" අර පේනවද අතනත් ඔයාගෙ බුගී ඉන්නවා....."
" හ්ම්ම්ම්..."
එපාට්මන්ට් එකට ඉදිරියෙන් ඇති ගොඩනැගිල්ලෙහි දැවැන්ත තිරය මත යීබෝගෙ පින්තූරයක් ප්‍රදර්ශනය වේ... ජාන් ඒ දෙස ආශාවෙන් බලා සිටියේය ...
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Fanfic💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...