🥀🥀 MY ANTIFAN 🥀🥀 ........
බුගී........🦁
දෙදෙනාම මුහුණට මුහුණ බලාගත්තේය ... හේතුව නමට පහලින් ඔහුගේ පින්තූරය සටහන්වී ඇත ..
ජාන් දුරකතනය අතට ගෙන ඇසිල්ලකින් කාමරයෙන් පිටතට දිවගියේය ..... ෂූයී සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව බලා සිටියේය ....
" හෙ...ලෝ....."
" මොකෝ ටුටූ හතිදමාගෙන ....."
යීබෝ සිනාසෙමින් ඇසුවේය .... ජාන් කාමරයෙන් එළියට ආ පිම්ම නතරවූයේ මිදුලේ එක් කොනක වාඩිවෙන්නට හැකි ලෙසින් දමා තිබෙන කොටය මතයි....
" න්.....නෑහ්......"
" මොනවද නැත්තෙ......"
යීබෝ බැල්කනියට වී ඈත් පෙනෙන විශාල ගොඩනැගිල්ලක නිවි නිවී දැල්වෙන විදුලි බුබුලක් දෙස බලාගෙන ඇසුවේය ...
" ඈහ්......"
" මොනවද නැත්තෙ...."
" හතිදාන්නෑ කියලා කිව්වෙ...."
" හ්ම්ම්ම්ම්.... එතකොට ටුටූ හවස ඇවිත් මොනවද කලේ....."
" මමාගෙයි මගෙයි රෙදි සේදුවා.... නැන්දට උයන්න ටිකක් උදව් කලා නෑවා....."
යීබෝගෙ පපුව පත්තුවී ගියේය .... අඩුම තරමින් තමන්ගේ රෙදි සෝදා වේලා මදින්නේ කවුරුන්ද කියාවත් යීබෝ දන්නේ නැත..... ඔහු ගලවා කූඩයට දමන රෙදි යලිත් දින දෙකකින් පමණ පුරුදු ස්ථාන වල තියෙන බව පමණක් ඔහු දන්නේය.....
" ටුටූ කෑවද ....."
යීබෝ දුක යටපත් කරගෙන ඇසුවේය ....
" නෑ තාම ....."
" ඇයි ඒ..... දැන් දහයටත් ලඟයි නේ....."
" මමා එනකල් අපි කන්නෙ නෑ......"
ජාන් කීවේය ..... කන්නේ නෑ නොව මාමා එනතුරු කන්නට දෙන්නේ නෑ යයි කිවයුතු නමුත් ජාන් අර ලෙසින් කීවේය ..... මේ හැමදේම ඔහු තමන්ගෙ අසන්නේ මන්දැයි ජාන් කල්පනා කරන්නට පටන්ගත්තේය ...
YOU ARE READING
🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete ....)
Fanfiction💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ...