ස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි වෙලාව හතර විතර උනා.....මන් මහන්සිය යන්නත් එක්ක හොදට නාගෙන කාලා ඉවර වෙලා ඉක්මනට දුවගෙන ආවෙ මගේ කාමරේට .......
මන් තවමත් ඉන්නෙ දෙලොවක් අතර.....මට තේරෙන්නෑ මන් එයාට මැසේජ් එකක් දානවද නැද්ද කියල ...... මට පිස්සු වගේ...අද බස් එකට නැග්ග වෙලේ ඉදන් බහිනකන්ම හිතුවෙ ඒක ගැන......
" ආයිෂ්ෂ්ෂ්ෂ්........"
මන් පෝන් එක පැත්තකට දාලා ඇද උඩින් වාඩිගත්තෙ ටෙඩියවත් බදාගෙන....
" ඔන්නෝහේ.....කමක් නෑ....."
විනාඩි විස්සක් විතර තර්ක කරපු මම ඇදෙන් නැගිටලා මගේ පෝන් එක අරගෙන ප්ලග් එකට ගහල තිබ්බ වයි ෆයි එක ඔන් කරලා පෝන් එකට කනෙල්ට් කළා....
Play store ගිහින් instragam එක ඩවුන්ලෝඩ් වෙන්න දාපු මම පොත් මෙසෙට තියල තිබ්බ පුටුවත් ඇදගෙන බැල්කනි එක ළගට ආවා...
බැල්කනි එක පහළට පෙනුනෙ එහා පැත්තෙ තියෙන තේ වත්ත...මෙතන තමයි මන් අපෙ ගෙදර ආසම තැන උනේ.....හරිම ලස්සන view එකක් එතන තිබ්බේ.....
කකුල් දෙකත් බැල්කනියෙ වැට උඩින් තියාගත්ත මම ඉන්ස්ටා එක ඩවුන්ලෝඩ් උනාට පස්සේ ඇක් එක හදන්න ගත්තා......
ම්ම්ම්ම්ම්ම්ම්ම්........මොකද්ද මම user name එකට දාන්නේ.......ම්හ්......
කල්පනා කරල කරල මන් නමක් තෝරගත්තා.....
" Shenuu__xx__"
ගැලරියට ගිහින් එකේ තිබ්බ මගේ ලස්සන පොටෝ එකක් display එකට දාපු මම search වලට ගිහින් එයාගෙ නම සර්ච් කළා.....
" hexu kaito"
තෝ කයි තමයි ....
Profiles බල බල ගිය මට පිස්සු හැදෙන්න තරම් ප්‍රොෆයිල් ගොඩක් පෙනෙද්දි මන් එයා ලියල දුන්න කොලේ අතට අරගෙන ඒ ඉරි ඉලක්කම් ඒ විදියටම ගැහුවා....
" hexxu__Kaito__"
මේ ඉන්නේ........ මන් එයාව අදුනගත්තෙ එයාගෙ හැන්ඩ්සම් photo එකකින්.....ඇත්තටම ඒ පොටෝ එක දැකල මන් ශොක් උනා...එයා මෙච්චරටම .......හැන්ඩ්සම් ද.....??
මන් profile එකට යන්න කලින් ඒ photo එක දිහා හුගක් වෙලා බලන් ඉදියා... ඇත්තටම එතන එයාට තීන්නෙ මාරම handsome ,mature ,sexxy look එකක්.....