" චූටි පුතා.....මෙන්න තේ එක......"
" ආ ඔහොම තියන්න අම්මා....."
දුම් දාන තේ කෝප්පයක් අරන් කාමරේට ආව අම්මා එහෙම කියල අත් දෙක බැදන් ඇදට හේත්තු වෙලා ඉන්න මන් දිහා බලන්ම තේ කෝප්පෙ මේසෙ උඩින් තිබ්බෙ මන් දිහාවට රබර් බැල්ම දාන ගමන්.....
" මොකද මේ.....ඇස් රතු කරගෙන....."
කේන්තියෙන් ඉන්න මන් දිහා බලන් අම්මා ඇහුවෙ මන් අම්මට නොපෙනෙන්න ඇස් වල කදුළු පිහාගනිද්දි..... අපරාදෙ කියන්න බෑ කේන්ති ගියාම තමයි මට සුපිරියට ඇඩෙන්නෙ......දුකට වත් එච්චරට ඇඩෙන්නෑ....ඉතිං කියාගන්න ඕනෙ ඒවා කටින් පිට වෙන්නෑ....ඒක නම් ලෙඩක්ද කොහෙද ....
" ඔළුව කැක්කුමයි අම්මා...."
" ඔළුව කැක්කුම හැදෙන්නැද්ද....දවසෙම පෝන් එකට කොටද්දි....."
එහෙම කියාගෙන අම්මා පහළට ගියෙ මන් දත් මිටි කාගෙන කීවෙනෝ කෝල් එක එයාට ගනිද්දි........
එයා රට ගිහින් නොදැනිම මාස පහක් එක දිගට ගෙවිලා ගියේ ඉක්මනට.... එන්න එන්නම මගේ එක්සෑම් එකටත් දින ලං වෙද්දි එයා අද එනවා හෙට එනවා අනිද්දා එනව කියල හැමදාම මට බොරු කියන්නෙ මාව සනසවන්න....මේ ටික කාලෙට මට හොදටම දැනුනා මන් එයාට කොච්චර ආදරෙයි ද? මට එයාව කොච්චර මිස් උනාද කියල .. ඒත් අපි දෙන්නගෙ ආදරේ එන්න එන්න වැඩි උනා මිසක්
අඩු නම් උනේ නෑ... හැමදාම පුංචි පුංචි රණ්ඩු.......හිටපු ගමන් ඒවා ලොකූඌඌඌ රණ්ඩු වලටත් ගිය අවස්ථා නැතුවාම නොවේ....පුරුදු විදියට මන් පෝන් එක ඕෆ් කරල අල්මාරියේ දාද්දි එයා හතර වටේටම කෝල් ගහල උදිත් අයියගෙ පෝන් එකෙන් මට දෙහි කපන්නෙ වෙනද වගේම මට ඇඩෙන්න.... අඩල අඩල නිදාගත්තට පස්සෙ එයා උදේ පාන්දර කතා කරල සොරි මට කේන්ති ගියා කියල කියද්දි අර තරහ මරහ සේරම වාෂ්ප වෙලා යනව ඉතිං ....දැන් සීතල දෙසැම්බර් මාසෙ..... හෙට නත්තල්.... පහු ගිය සතියෙම එයා ගොඩාක් බිසී උනේ නත්තලට....නත්තල වෙනුවෙන් ගොඩාක් විෂේශ දේවල් ඩෙකරේට්ස් වල ඉදන්ම එයා ගොඩාක් මහන්සි උනේ දිවා රෑ නොබලා.... සමහර දාට රෑ දහයට කොල් එක ගනිද්දිත් එයා කාලා නෑ....ඒ වෙලෙට මට දැනෙන්නෙ කියාගන්න බැරි දුකක්....මන් ළග ඉදිය නම් කවදාවත් එයාට බඩගින්නෙ ඉන්න දෙන්නෑ....ඉස්සර වගේ....