🥀 | | Big Match day 🏀 | | 🥀

1.1K 228 36
                                    


ඇරඹි අ⁣පගේ ආදරේ
එකතු වීමක් තියෙයිදෝ...
කවදාහරි අපි වෙන්වුනොත්
කෙසේ නම් මං හිදින්දෝ...
නුඹේ දෙඇසින් බැලු බැල්ම⁣ට
තවත් හිත ලං වුනාදෝ...
අපේ ආදරේ ඉදිරියේදිත්
මේ ලෙසින් හෝ රැකෙයිදෝ....

අතැර යන්නට ඕනි වූවත්
කරන්න⁣ට බැරි එයමනේ...
මඟහරින්නට ඉතින් සිතුවත්
මඟහරින්නට බැහැමනේ...
මා කෙරේ ඇති නුඹේ සෙනෙහස
මට ඉතින් දැන් තේරුනේ...
කුමන බාධා ඇතත් අපහට
ලංව එකටම හිදිමුනේ...

ශෙනූගෙන්
හේෂුට...❤

~ ✍️ සෙනූ ~

semini28 ලස්සනයි අක්කියෝඕඕඕ❤

.
.
.
.
🥀

එයාගෙ මූණ දිහා බලන් හිනාවුන මම ඇගිලිතුඩු වලින් ඉස්සිලා එයාගෙ ටී ෂර්ට් කරෙන් මූණ පාත් කරවගෙන එයාගෙ කොපුලකට හාදුවක් තිබ්බා.....

" පරිස්සමෙන් යන්න.....ජේසු පිහිටයි..."

ආයෙත් පාරක් එයා මගේ හිස අතගෑවෙ මන් එයාගෙන් මිදිලා යන්න හදද්දි උනත් එයා මාව නවත්තගත්තෙ මන් ආයෙ එයා ළගට එද්දි....

" මේක .....ඕනෙද??"

එයා මගෙන් එහෙම ඇහුවෙ හරිම අමුතු වොයිස් එකකින්....මොකද්ද ? කියල මන් අහස පොළව ගැටලන සයිස් එකෙන් එයාගෙ ඇස් දිහා බලන් හිතද්දි එයා දිව දික් කළේ මගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතු වෙද්දි.....

" ම්ම්ම් ??....රතු වෙන්න නෙමෙයි කිව්වෙ??"

මගේ කොපුලක් පිරිමදිමින් එයා කියද්දි මන් වටපිට බලලා ඇගිලිතුඩු වලින් එයා ළගට ඉස්සුනෙ එයා මගේ කොපුලක් පිරිමදිමින්ම දිව දික් කරද්දි...

එසැනින් එයාගෙ දිව උඩ තිබ්බ මින්ට් රස චුයින්ගම් එක එයාගෙ දිව දෙතොල් වලින් ස්පර්ශ කරමින්ම මගේ මුවට ගත්තෙ ඒ ස්පර්ශය නිසා මගේ මුළු ඇගම හිරි වැටිලා යද්දි...

චුයින්ගම් එක දත් අස්සෙ හිර කරගත්ත මම ඉක්මනට එයාට දෑස් වලින් ඉගි කරල බස් එකට නැග්ගෙ තවත් එයා ලග ඉන්න ශක්තියක් නැති නිසා....

කිව්වා වගේම මන් ජනෙලෙ අයිනෙ වාඩිගනිද්දි එයා ස්ටෑන්ඩ් එක ඇතුළට වෙලා මන් යනකන්ම මන් දිහා බලන් ඉදියෙ එයාගෙ මින්ට් රස චුයින්ගම් එක මගේ දත් අස්සෙ එහෙ මෙහෙ යද්දි....

Heart Felt Rose Donde viven las historias. Descúbrelo ahora