අම්මගෙන් අන්තිම බත් කටත් කාලා වතුර ජොග්ගුවක් බීලා අම්මගෙ කොපුලකට හාදුවක් තියල දුවන් ආව මම එළියෙ තේ බොමින් ඉදපු අප්පච්චීට දණ ගහල වැන්දා....
" මන් යනව අප්පච්චී ....."
" තුනුරුවනේ සරණයි දරුවො...."
ඔළුව අතගාපු අප්පච්චී නළලට හාදුවක් දුන්නම බෑග් එක තනි කරට දාන් මම එළියට බැස්සෙ නවිදු ඉනටත් අත් දෙක ගහන් ගේට් එක ළග බලන් ඉන්න නිසා ...
" යකෝ හය පහු දැන් .... පයින්ද යන්නේ....."
ළගට ගිය ගමන් නවිදු ලතෝනිය පටන් ගත්තෙ උදිත් අයිය මාත් එක්ක හිනාවෙද්දි...
" හරි හරි ඉතිං ...ඇහැරුන්නෑ පොඩ්ඩක් ....."
යන්තම් හිනාවෙලා කීව මම ඉස්සර උනේ දැනටමත් වෙලාව හය පහු නිසා.... බස් එක ගියොත් ප්රයිවට් එව්වා යන්න වෙන්නෙ...
මන් ඉස්සරහින් ඇවිදන් එද්දි අරුන් දෙන්නත් ඉක්මන් අඩියට පිටිපස්සෙන් ඇවිදන් ආවෙ එකපාරටම ඉස්සරහින් හරස් කපපු වාහනෙ නිසා මම ගැස්සෙද්දි....
බය උන පාර මම පපුව අල්ලන් පිටිපස්සට පනිද්දි වාහනෙන් බැස්සෙ දකින වාරයක් පාසා මගේ හිත මටම අවනත නැති මාව අතරමං කරල දාන ඒ රූපය....
" න.....නවිදු..අපි යන්....."
එයා මන් දිහා බලන්ම වාහනෙන් බහිද්දි මන් ඉක්මනට වාහනේ පාස් කරල නවිදුගෙ අතින් ඇදන් යන්න ගියත් මගේ අත්ගොබේ එයාගෙ අතට තදින් හිර උනේ මට එතනින් එහාට අඩියක් යාගන්න බැරි වෙද්දි....
" ශානා....."
" මට මෙයා එක්ක කතා කරන්න ඕනෙ....උඹල පලයන්....."
එයා යන්න නොදී මගේ අත් ගොබෙ තදින් අල්ලන් කිව්වෙ නවිදු රවද්දි...
" එහෙම බෑනෙ... ශෙනු අපි එක......."
" හරි මචන්....අපි ගියා එහෙනම්....."
ක්ෂණිකව නවිදු මොනාහරි කියන්න හැදුවත් උදිත් අයියා නවිදුව මිරිකමින් ඌව ඇදගෙන ගියෙ මට කරගන්න දෙයක් නැති වෙද්දි...
දෙයියනේ මට දැන් මෙතන වැළලෙන්න තමයි වෙන්නේ.....
" හේෂු...ම...ට....යන්න....ඕ..නේ......"