🗼🌃🌃🌃🌃
Paris අහස යට ගෙවෙන දෙවෙනි දවස උදා උනත් මන් තවම උන්නෙ ඇදට වෙලා...ඊයෙට වඩා අද වේදනාව දෙගුණ වෙද්දි උදේ ඩොක්ටර් කෙනෙක් ඇවිත් මාව චෙක් කරල බෙහෙත් දීලා ගියේ බෙහෙත් වලටම මන් අද දවසෙම නිදිවෙද්දි.....
" ම්ම්ම්ම්හ්.....ඔ....යා...හරිම... නරකයි....හේ....ෂු......"
රෑ එයා නිදාගන්න ඇදට ඇවිත් මාව පපුව උඩට ගත්තට පස්සෙ මන් කිව්වෙ කෙදිරිගාමින්ම....
" ඒ මොකද සුදු නෝනා....."
මගේ නළල සිපගෙන එයා ඇහුවෙ නළලෙ තිබුණ තුවාල කැලල පිරිමදින් ගමන්....උදේ ආව ඩොක්ටර් මගේ තුවාල වලට බෙහෙත් කරල නළලෙයි අතෙයි බැන්ඩේජ් ගැලෙව්වෙ දැන් හොද නිසා....ඒත් තාම විළුඹෙ තුවාලෙ හොදටම හොද නැති නිසා ඩොක්ටර් අලුතෙන් ආයේ ඒකට බෙහෙත් දැම්මා.....
" ම.....න්.....අක....මැති....කි...යල... දැන.....ගෙනත්...ඔ..යා....ඩොක්ට...ර්...ට කි...ව්වා...සේල....යි...න්....දෙ..න්න..කි...යලා"
එයාගෙ පපුව උඩ ඉදන් සීතලට අමාරුවෙන් හුස්ම අදින ගමන් මන් කිව්වෙ අතට ගහල තීන සේලයින් බටේ දිහා බලාගෙන...
" මගේ සුදු නෝනාගෙ හොදටනෙ කිව්වෙ...."
" ඒ...ක...ටු...වට....රිදෙනවා .......නේ..."
එයා සේලයින් බටේ ගහපු තැන පිරිමදිද්දි මන් කිව්වෙ දෑස් පියාගෙන.....
" ම්ම්.....මගේ සුදු නෝනා දැන් නිදාගන්න..... "
" සි...ං...දුව...ක්.....කියන්න... මට....ඔයාගෙ.....කටහ..ඩ.....අහන්න... ඕ....නේ....."
මන් හෙමීට කිව්වෙ එයා තවම මගේ වේදනා දෙන අත පිරිමදිද්දි....
" කි..ය...න්....න.කෝ.."
බෙල්ල උස්සල එයා දිහා බලලා මන් කිව්වෙ එයා මන් දිහා ටික වෙලාවක් බලන් ඉද්දි....