🥀සිසිල් මද පවස නුබ,
ගිම්හාන කාලේ...
වෙලෙන හිරිකෝඩු නුබ,
වර්ශාවෙ මාසේ...
ගතට උණු පහස නුබ,
තද සිසිර සෘතුවේ...
වසත්කල පිපෙන මල,
නුබ ඈත ගව්වේ...දෑත් බැදි නැවතුමේ,
සිව් දෙනෙත් ගැටුනේ...
සිතුම් බැදි ප්‍රේමයෙන්,
හිත් එකට ගෙතුනේ...
දුර යන්න පෙම් පුරන්,
සැගව ඔය පපුවේ...
නුබෙ නමින් ලියවෙමී,
ඉතිම් සංසාරේ....🥀 Thishu_hasi අක්කගෙන් ලස්සන පද වැල් ටිකක්....❤දවස් ගානක් දාන්න කියල ඉදියා මට අමතකුනානේහ්....
.
.
.
.
.
.පෝන් එක කට් කළේ කදුළු වැල් පිටින් මගේ ඇස් කෙවෙනි පුපුරාගෙන පල්ලම් බහිද්දි......අම්මා අසනීපෙන් දෙයියනේ .....මන් නිසා අම්මා අසනීපෙන්....මන් කළේ මොන තරම් තුච්ඡ වැඩක්ද..... මගේ අම්මා.... මගේ අම්මට මන් නිසා කරදයක් උනොත් මට දෙයියොන්ගෙන් කවදාවත්ම සමාවක් නැති වේවි....
මන් මහ හයියෙන් ඇඩුවෙ තට්ටු ගානක් උඩ බිත්ති හතරක් ඇතුලෙ මහා ලොකු පාළුවක් මට දැනෙද්දි.....ජිවිතේ ගැනම කල කිරෙද්දි අක්කා කියපු වචන මගේ කන් වල දෝංංකාර දෙන්න ගත්තා..... දෙමව්පියෝන්ට දුක් දීලා කවදාවත් සතුටින් ඉන්න බෑ...... !!!
...........
අක්කා කියපු දේ කන් වල දෝංකාර දෙද්දි පැය ගාණක් ඉසේ කැක්කුම දෙගුණ වෙනකන්ම ඇදට වෙලා මන් ඇඩුවෙ කළුවර වැටෙනව වත් නොදැනී....
කදුළු හලමින් උන්න මට ගෙදර දොර ටීක් ගාලා ඇරෙන සද්දෙ ඇහෙද්දි පැලෙන්න ඔළුව කැක්කුම එක්ක මන් ඈදට වෙලාම උන්නෙ එයා කාමරේට ඒවි කියන බලාපොරොත්තුවෙන්....
" ශෙනූ......වතුර එකක් අරන් එනවා...!"
"............................."
" ශෙනූ.....තොට මන් කියපූ දේ ඇහුන් නැද්ද යකෝ....."
මාව ගැස්සුනේ ඒ කටහඩට.....
" ම්හ්හ්.....ඔයාට ....වතුර එකක් ගන්න බැරි..... කමක්.... නෑනේහ්.... "
හිසත් තදින් බදන් ඇදේ ගුලිවෙන ගමන් මන් කිව්වෙ හැඩුම් වාවගෙන....
" වතුර එකක් ගෙනත් දෙන්න බැරි තරම් උඹ ඔය මගුල අස්සෙ මොන ල$#ක් කරනවද...... "