🥀 | |සුදූ ?? | |🥀

2K 333 85
                                    

මෙච්චර වෙලා බිත්තිය ළග ඉදපු එයා හෙමින් අඩිය තිය තිය මෙහාට ආවෙ වැස්සට තෙමුණ කොණ්ඩෙ ගසන ගමන්....

බිම බලාගෙන ඉන්න බැරි නිසාම මන් ඔළුව උස්සල එයා දිහා බැලුවෙ එහෙම ඉන්න එක හරි නැති නිසා .....

එයා ටිකෙන් ටික මන් ළගට කිට්ටු කළා....හරිම ලස්සන ඇස් දෙකක් ඒ අයියට තිබ්බේ..... ඊටත් වඩා ලස්සන තොල් දෙකක්... ඊට යටින් කළු පාට පුංචි මෝල් එකක්.... මට ශුවර් මෙයා උදිත් අයියලගෙ වයසෙ....

එයා කොණ්ඩෙ ගස ගස ඇවිත් උදිත් අයියගෙ අත අල්ලන් ඉදපු නවිදු දිහා බලලා හිනා උනා.....උදිත් අයියා 13 නේ....ඒ කියන්නේ මෙයත් ඒ වයසෙ ඇති .....

එයාලා තුන් දෙනා මොනාදො කුටු කුටු ගාද්දි මම ඉස්සරහ බලාගත්තා...ඒත් මගේ ඇස් යන්නෙ එයා දිහාවටමයි.... පස්සෙ නවිදුයි උදිත් අයියයි යන්න හදපු ගමන  යද්දි එයා මන් දිහා බැලුවා....

ඒත් මම ආයෙ ඉස්සරහ බලාගත්තා... මගේ ඉස්සරහ තිබ්බ වල්ලාවිට හරහා අවිත්තාව බස් එක ස්ටාර්ට් කරද්දි මගේ මූණට අවු රැල්ලක් වැටුනා...

මම ඉදපු තැනට අව්ව වැටුන නිසා මම මෙහා කොනේ තිබ්බ යකඩ බෙන්ච් එකෙන් වාඩි උනා....මගේ ඇස් ඉබේම ගියේ එහෑන් හිටගෙන මන් දිහා බලන් ඉන්න එයා  ළගට වෙද්දි මම ආයාසයෙන් මැඩගෙන මගේ ඇස් දෙක පෙම් කෙළින පසන්ලා දිහාවට දැම්මා....උන් දෙන්නා උන්ගෙ ලෝක වල...

වෙලාව හවස දෙක පහු නිසා ටවුන් එකේම සෙනග අඩුයි දැන් ...ඉන්න ඔක්කොම උඩුගම බස් එකේ යන්න ඉන්න අය....නෙළුවට යන්න තව ක්‍රමයක් තියෙනව....පිටිගල බස්..ඒත් ඒව යන්නේ දුර පාරකින්...අගලවත්ත ටවුන් එකෙන් හරවල කොහෙදෝ ගිහින් වට ගහල ලොට ලොට යන්නේ...මන් හිතන්නේ මේ අයියා වෙනදට යන්නේ ඒ බස් එකේද කොහෙද .....ඒක 1.50 වෙද්දි යනව..ඒකයි මෙයා බස් එක මිස් උනා කිව්වේ....ඒත් අපි සෙටාර් එක යන්නේ උඩුගම එකේ... ඒ බස් එක එක්ස්ප්‍රස් නිසා කඩාගෙන බිදගෙන යනව...අනික ඒක යන්නේ කෙටි පාරකින්...පැයක් යද්දි බහින්න පුලුවන් ....එකම අව්ල බස් එක එන්නේ දෙකහමාර පහු වෙලා...ඒක විතරයි ...

" මම මෙතනින් වාඩිගන්නද....??"

බස් ගැන් කල්පනාවෙන් ඉදපු මම ගැස්සුනේ ඒ ලස්සන කටහඩට වෙනකොට මම ගැස්සිලා මන් ළග හිටන් ඉන්න එයා දිහා බැලුවා...

Heart Felt Rose Opowieści tętniące życiem. Odkryj je teraz