🥀 | | bad boy 💥 | | 🥀

985 194 131
                                    

🌄🌄🌄🌄🌄🌄

සිතල මීදුම ඈත කදුයායවල් උඩින් ඇදීගෙන යද්දි සීතල හුලග ඇරලා තියෙන බැල්කනියෙන් කාමරේ ඇතුළට ආවෙ මන් තවත් බෙඩ් ශීට් එකට ගුලි වෙද්දි....

" චූටි පුතා දැන් ....නැගිටින්න....අටයි වෙලාව ...කිරි එක බීලා ලෑස්ති වෙන්න....අර මිනිස්සු එන්න පිටත් වෙලාලු...."

කිරි එක අරන් කාමරේට ආව අම්මා කිව්වෙ මන් නෑහුනා වගේ බෙඩ් ශීට් එක ඔළුවටම ඇද ගනිද්දි.....

අම්මා දොර වහන් එළියට යද්දි මන් ආයෙ ඇස් පියාගත්තෙ මට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද කියල හිතන ගමන්..... අද බදාදා.....ලබන සදුදා එන්ගේජ්මන්ට් එක...... ඊට කලින් මන් මොනාහරි නොකළොත් මන් වැටෙන්නෙ ලොකු අමාරුවක....

ඒ ගැන හිතමින්ම මට ආයෙ නින්ද යද්දි මන් සීතලටත් එක්ක බෙඩ් ශීට් එකට ගුලි උනේ කම්මැලිකමේ....

" චූටි පුතා !!!.......ඔයා තාම නැගිටල නැද්ද ආ....??"

සාරියේ කට්ට ගගහම කාමරේට ආව අම්මා කාමරේ දෙදරන්න සද්දෙන් කෑ ගැහුවෙ මන් මූණ දෙක කරන් නැගිටල කිරි එක එක හුස්මට බීලා බාතෲම් එකට යද්දි......

පුලුවන් තරම් වේලාව අරගෙන පැයක් විතර බාතෲම් එකේ ඉදල මන් කාමරේට ආවෙ පහළ මිදුලෙ වාහනයක් නතර කරනව ඇහෙද්දි..... සාළුව ඔතාගෙන මන් බැල්කනියෙන් බෙල්ල දැම්මෙ වෑන් එකක්ම ඇවිත් ඉද්දි....

මෙච්චර කට්ටිය ඇවිත් තීන්නෙ අදම මාව කුදලන් යන්නද දන්නෑ....

වෑන් එකෙන් බැස්ස සේනාව දිහා බලන් හිතපු මම ගෙට ආවෙ ආයෙ අම්මා කාමරේට එන්න කලින් ඇදගන්න ඕනෙ නිසා....

" ශිට්....! මහ විකාරයක්...."

තුවාලත් එක්ක අමාරුවෙන් ට්‍රවුසර් එක ඇදල දම් පාට ශර්ට් එක යට කරල මගේ මූණ දිහා බලන් මන් කිව්වෙ ..... මගේ මූණ දැකලා මේකි මට කැමති වෙයිද ?? අයියෝ අබ්බගාතයෙක් වගේ ටිකක් කොර ගගහ හරි යන්න ඕනෙ......

" ශෙනූ....තාම ලෑස්ති නැද්ද ආ....??"

අයියා කෑ ගහගෙන කාමරේට ඇවිත් කණ්නාඩිය ඉස්සරහ ඉන්න මාව දැකල ශොක් උනා.....

" මන් හරි ....."

මලානික මූණෙන්ම මන් එහෙම කිව්වෙ අයියා හිනාවක් දවටන් මන් ළගට එද්දි....

Heart Felt Rose Where stories live. Discover now