" චූටි පුතා......චූටි පුතා.....මේ දොර අරින්න දරුවො...."
අම්මා දොරට ගහන හඩක් ඇහුනත් මම ඇදටම වෙලා ඉදියේ හිර කරගන්න බැරි කදුළු දෑස් වලින් ගලන් යද්දි.....
මගේ එකම අයියා මාධ්‍යවේදියෙක්..... ඉද්දගොඩ ඇමතිතුමා කියන්නෙ නෙළුවෙන් පාර්ලිමෙන්තුවට ගිය කෙනෙක් උනාට මොකද මෙහෙ තියෙන වතු වල මිනිස්සුන්ගෙන් බාගෙට බාගයක්ම ඒ මනුස්සයගෙ කකුල් ලෙවකාගෙන ඉන්නෙ....ඒ මනුස්සය තමයි මේ ගමට ඉන්න එකම වගේම ලොකුම විස ගුලිය..... ඒ ගැන කියල වැඩක් ඇත්තෙම නැහැ......
ඒ සේරමටත් වඩා ........ ඒ පාහරය ගැන කියන්න මට වචන නෑ......මගෙ අයියා......!!
බලෙන් මගෙ අම්මගෙ බඩට ලේකැටියක් බඩට දීලා පැනල ගිය ඒ කාලකණ්නි මනුස්සයා......!!!
" චූටි පුතා........බලන්න අපෙ මහත්තයා මේ දරුවා දොර අරින්නෙත් නෑ......"
" මොකද්ද උනේ??"
" බඩ රිදෙනවා කියාගෙන ගෙට දිව්වා බෙහෙතක් දෙන්න වත් මේ ළමයා දොර අරින්නෑනේ......."
" පුතා......මේ දොර අරින්න....."
අප්පච්චී කතා කරනව ඇහෙද්දි හිත ශක්තිමත් කරගෙන හැඩුම් වලක්වාගත්ත මම ඉක්මනට මගේ කාමරේ තිබ්බ ඇටෑච් බාතෲම් එක ළගට ගියා....
" අප්පච්චී මන් බාතෲම් එකේ....."
" දරුවො මොකද උනේ....."
" බඩ රිදෙනවා අම්මා....පොඩ්ඩක් ඉන්න මන් එළියට එන්නම්...."
බාතෲම් එකේ ටැප් එක ඇර දාපු මම ආයෙත් ඇද ලගට ගිහින් චාර්ජ් එකට දාලා තිබ්බ පෝන් එක ගලවගත්තා....
hexu Ringing 📲
" - hello මෝචි පැටි......
ශාන්.....!! මන් ඔයාගෙන් දෙයක් අහන්නම් මට උත්තර දෙන්න......
ඇස් වල කදුළු පිහාගෙන හිත හයිය කරගත්ත මම එයාට කීවෙ වෙනද තරම් ළාබාල කටහඩකින් නෙමෙයි.....
- බ....බා...මොකද මේ....ඔයාගෙ voice එක ගොඩක් වෙනස්.....
ශාන්...... ඔයාගෙ පපා කවුද??
- ශෙ....නූ......ඔයාට මක් වෙලාද....
අහපු දේට උත්තර දෙන්න අයියේ.....ඔයාගෙ පපා කවුද??