🌞🌞🌞🌞🌞
රතු සහ කොළ සටනේ අවසාන දවස ආරම්භ උනේ තීරණාත්මක ලකුණු ගනනක් එක්ක අද එයාලගෙ ස්කොලෙ ලකුණු රැස් කරද්දි....
උදේ නැගිට්ට ගමන් මන් එයාට මැසේජ් එකක් දැම්මෙ තරගෙට සුභ පතල...ඊයෙ ගෙදර යද්දි දවසින් වැඩි හරියක්ම ඉවර උන නිසා අප්පච්චී මට අද උදේ මතුගම එන්න දුන්නෑ.... දැනුත් මේ එන්න දුන්නෙ ක්ලාස් නිසා මිසක් නැත්තන් ඉතිං මැච් එක බලන්න වෙන්නෙ හීනෙන් තමයි ...
කොහොම උනත් එයා මාත් එක්ක හොදටම තද වෙලා ඉන්නෙ... උදේ මැසේජ් කරෑයින් පස්සෙ එක මැසේජ් එකක් වත් නැ...ඔන්ලයින් නම් ඉන්නව..... බලමුකො ඌරු පැටියව හොයාගෙන උම්මා එකක් දීලා යාළු කරගන්න ඕනෙ....
" කෝ........-"
" කෝ උදිත් අයියේ හේෂු??....ම්ම්....හේෂු නම් අන්න අතන....."
ග්‍රවුන්ඩ් එකට එද්දිම හම්බුන උදිත් අයියගෙන් අහන්න හැදුවා විතරයි උදිත් අයියා කියාගෙන ගියේ ඈතින් තිබ්බ ටෙන්ට් එකක් පෙන්වලා....
" ආ.....ම්ම්......"
" ඔයගෙ හේෂු නම් ඉන්නෙ මල පැනල හොදේ....."
" එයාට පිස්සු ......"
උදිත් අයියට කියමින් මන් පන්ති බෑග් එකත් එල්ලගෙන එන්න ආවෙ කොළ පාටින් කොඩි ගහල තිබ්බ එයාලගෙ ටෙන්ට් එක පැත්තට....කට්ටියගෙන් දැනගත්ත විදියට එයා උදේ ප්ලේ කරල....හම්බුන අය කීව විදියට නම් මේ පාරත් best batsman එයාම තමයි ....එහෙනම් ඉතිං එච්චරයි ..
එයාලගෙ ස්කොලෙ නිසා එතනට යන්න පොඩි කම්මැලි කමක් හිතුන මම මෙහාට වෙලා මැසේජ් එකක් දැම්මෙ හරිම එක්සයිටඩ් විදියට මැච් එක බලන එයා දිහා බලාගෙනමයි....
මැච් එක දිහා කන්න වගේ බලන් ඉදිය එයා මගේ මැසේජ් එක බලලා වෙන කෙනෙක්ගෙ මැසේජ් එකක් දැක්කා වගේ පෝන් එක පැත්තක දාලා මැච් එක බලාගත්තෙ මට කවදාවත් නැතුව එයාගෙ ඒ පුංචි හිතුවක්කාර වැඩෙන් උනත් ලොකු දුකක් දැනෙද්දි..... එයා මාව ගණන් ගත්තෙ නැ.....මැසේජ් එක සීන් කියල මගේ පෝන් එකෙ වැටිලා තියෙද්දි මන් හිත හදාගෙන ආයෙත් එයාට මැසේජ් එකක් දැම්මෙ ඒ පාර එයා පෝන් එක පැත්ත වත් නොබලද්දි....