🥀 | | After💔 | | 🥀

1.5K 277 36
                                    

" චූටි පුතා....."

" ආ එනව අම්මා......"

අම්මා පහළ ඉදන්ම කෑ ගැහුවෙ මට කවන්න බත් එක අතේ තියාගෙන....මොකද මම අද සතියකුයි දවස් දෙකකටයි පස්සෙ ස්කෝලෙ යන්න තීරණය කළා....ඇත්තම කිව්වොත් මන් හිතන් ඉදියේ සති දෙකක්ම කළුතර අයියලෑ ගෙදර ඉන්න උනත් හදිසියේම අයියා බැදපු අක්කගෙ අම්මා ලෙඩ උන නිසා එයාලාට අක්කලගෙ ගෙදර යන්න උනා....ඒ නිසා ඉරිදා මට මෙහෙ එන්න උනේ වෙන කරන්න දෙයක් නැති කමට... අක්කලෑ ගෙදර යන්න හිත කිව්වත් ගෙදර අය සැක කරාවි කියන බයෙන් මම ආයෙත් නෙළුවෙ ආවෙ පහුගිය දවස් දෙකම බොරු කුනු කුනුවක් දාලා ස්කෝලෙ කට් කරමින්.....

ඒත් අද නම් කරන්න දෙයක් තිබ්බෙ නෑ....අප්පච්චී සැර කරපු නිසා මන් උදෙන්ම නැගිටල ලෑස්ති උනේ නවිදුලව අල්ලගන්න ඕනෙ නිසා...උන් දන්නෑ මන් මෙහෙ ආවද කියල වත්....පහුගිය සතිය පුරාවටම මන් පෝන් එක ඕෆ් කරල තිබ්බෙ ගෙදර අයට  ඒක කැඩිලා කියමින්....

බෑග් එක තනි කරට දාගත්ත මම පහළට දිව්වෙ අම්මා බත් එක ගුලි කරමින් බලන් ඉද්දි....මන් හුගක් ආසයි බත් කුරුල්ලො කන්න....චූටි කාලෙ ඉදන්ම....

" සපත්තු කෝ අම්මා....."

අම්මා ගුලි කරපු බත් කටක් ගිලිමින් මේස් දෙක දාගන්න ගමන් මම අහද්දි අම්මා නිදහස් අතින් මගේ  සපත්තු දෙක ගෙනත් බිමට දැම්මෙ මට රවමින්...

" උදේට තමයි සේරම හොයන්නේ....අනේ මන්දා මේ දරුවට නම් හුරතලේම වැඩි වෙලා ඔය... අක්කයි අයියයි හැදුනා කවදාවත් ඔහොම නෑ....මේකට මම බත් එක උයල බැදලත් දීලා ගුලි කරල තව කවන්නත් ඕනේ...."

අම්මා බැන බැන හැමදාම වගේ අයියගෙයි අක්කගෙයි හොද කියද්දි මූණ දෙක කරගෙන බත් ටික කාපු මම අප්පච්චිටත් වැදල ඉවර වෙලා පාරට ඇවිත් ටික වෙලාවක් බලන් ඉදියේ පාර දිහා....

නොකිව්වට මොකෝ හිතේ පොඩි චකිතයක් තීනව එයාව මුණ ගැහෙයිදෝ කියල ....මට බෑ එයාට මූණ දෙන්න.... එයාව මතක් වෙද්දි මගේ පපුව කිරි ගැහිලා යනව.... නොකිව්වට මේ දවස් ටිකේම මට නින්දක් තිබ්බෙ නෑ....hexu වගේම මාත් එයාට ආදරේ කරන්න පටන් ගත්තා.... පටන් ගත්ත ගමන්ම නවතින්න උනාම වේදනාව දැනෙනව වැඩී ගොඩක්.... අනිත් දේ මට එයාට මූණ දෙන්න බැරි කමක් දැනෙනව....මන් දන්නෑ ඒ ඇයි කියල ....

Heart Felt Rose Where stories live. Discover now