@8.a.m......
එයාම දුන්නු මිකී මවුස් සුදු ටී ෂර්ට් එකට කළු පාට ශෝර්ට් එකක් ඇදලා එයා දුන්න perfume දෙක තුනෙන් සුවදම එක
උලාගෙන පෝන් එකත් අරන් මන් එළියට බැස්සෙ ගෙදර දොර වහලා යතුර පාපිස්ස යටින් තියලා.....එතකොටම වගේ එයා ගේට් එක ළග ඉදන් හෝන් එක ගහද්දි මන් දුවගෙන ආවෙ එයා ළගට....අද අපි දෙන්නා දුර ගමනක් යනවා... අද අපෙ ගෙදර කවුරුත් නෑ....අප්පච්චීගෙ ඇස් චෙක් කරන්න අම්මයි අයියයි එක්ක නවලෝකෙ ගියා.... මට කිව්වෙ නවිදුලහ යන්න කියල ....ඒත් මන් ඒලෙවල් ලිව්වත් හරි එයාව දැක්කෙම නෑ.... මාස එකහමාරකට විතර පස්සෙ තමයි ඔය එයාව දැක්කෙ....
එයාට හිනාවෙලා මන් ගේට් එක ලොක් කරලා වාහනේ ළගට දුවගෙන ආවා....
" සුදු නෝනා....."
මන් වාහනෙන් වාඩි උන සැනින් එයා අත දික් කරද්දි මන් එයාව වැළදගෙන කොපුල් වලට හාදු දුන්නේ එයත් මාව තදින් බදාගෙන ඉන්දැද්දී....
" හ්ම්ම්....... තවත් ලස්සන වෙලා....."
කළු පාට අත් දිග එකක් ඇදන් ඉදිය එයාගෙ නහය මිරිකමින් මන් කිව්වෙ එයා හිනාවෙලා පොඩි පෙක් එකක් මගේ දෙතොල් වලට තියද්දි....
" අළුත්ගමද යන්නෙ....කළුතරද ??"
එයාගෙ අතට මගේ අත පටලවන් මන් ඇහුවෙ එයා මූණ බැරෑරුම් කරගනිද්දි.....
" මට හිතෙන්නෙම ඒක නම් එච්චර හොද අදහසක් නෙමේ කියල සුදු නෝනා....."
" අනේ....ඇයි ඒ ??"
" අමුත්තක් හිතෙනව මට..... "
"අනේ ඉතිං ....අපි බීච් යන්කො....මන් ආසයි..."
එයාගෙ උරහිසේ එල්ලිලා මන් කිව්වෙ එයා මන් දිහා බලද්දි....
" ආසද ??"