" තුනු රුවනේ සරණයි මගේ පුතේ !"
ඉරිදා උදේ පාන්දරම එළියට බැහැලා මන් දොරකඩ ඉදිය අප්පච්චීට වැන්දෙ අප්පච්චී මගේ හිස අතගාද්දි..... ඔව් මට අද විෂේශ දවසක්......අද තමයි රෙජිස්ට්‍රේශන් එකෙන් පස්සෙ කැම්පස් යන පළවෙනි වතාව... මේ පාර නම් යන්නෙ නවතින්නමයි....මොකද හෙට ඉදන් අපිට study පටන් ගන්නව....
" බුදු සරණයි චූටි පුතා...."
එළියෙ සුදු මල් දාපු වතුර වීදුරුවක් අල්ලන් ඉදිය අම්මටත් වැදල වතුර උගුරක් බීලා මන් අතින් කටින් එල්ලන් එළියට බැස්සෙ ආයෙ පැත්තක් වත් හැරෙන්නෙපා කියල අම්මා වෝර්නින් කරද්දි.....
පිටේ එක බෑග් එකයි තනි කරට ලැප් එක දාපු බෑග් එකයි අතේ රෙදි දාපු ට්‍රැවලින් බෑග් දෙකයි..... මට මතකයි ඉස්සරත් ඔය කැම්පස් ගිහින් එන උන් ගමේ එන්නෙ රට ගිහින් වගේ..... උන්ටත් වඩා ලොකුයි උන්ගෙ බෑග් මළු....පහු ගිය කාලෙම උන්ව දකින්න ලැබුන් නෑ කැම්පස් තිබ්බෙත් ඔන්ලයින් නිසා..... දැන් ඉතිං හරියට මාත් ඒ වගේ....
" කෝ දෙන්න ඕක....."
අප්පච්චී ඇවිත් බරම බෑග් දෙක අතට ගත්තෙ දොර ලොක් කරල යතුර හෑන් බෑග් එකේ දාන් අම්මත් එද්දි.... නිල් පාට උඩරට සාරියක් ඇදලා කොණ්ඩෙ ගුලියක් ගහල අම්මා හරි ලස්සනයි ....
අපිට කැම්පස් පටන් ගත්තෙ ටිකක් පරක්කු වෙලා නිසා එක දිගටම සෙමෙස්ට්‍රි එක ඉවර වෙනකන්ම උගන්නව කිව්වා....දැන් ගියාම ඉතිං ආයෙ එන්න වෙන්නෙ කාලෙකට පස්සෙ.... දුකයි වගේත් එක්ක....මොනා උනත් අම්මා අප්පච්චී නැතුව ඉන්න බෑ මට.....එයාලටත් එහෙමයි....
ගේට් එකත් වහගෙන පාරට ඇවිත් පයින් ගොරකදූව හංදියට යන්න ගිය අපිට අප්පච්චීගෙ ගෝලයෙක්ගෙ වීල් එකක් හම්බුන නිසා ලේසි උනා.... හයයි පහ වෙද්දි අපි ගොරකදූව හංදියට එද්දි මට මතක් උනේ මීට අවුරුදු ආසන්න වශයෙන් හතරකට කලින් අපි දෙන්නා එකට බස් වල එල්ලිලා ගිය විදිය.....ඔව් දැන් අපි දෙන්නට තව මාස කිහිපයකින් අවුරුදු හතරක්....හ්ම්ම්හ් ! පුදුමයි නෙහ් ඒ වගේ යකෙක් එක්ක මන් වගේ අහිම්සම්කම්යෙක් ඉදිය විදිය ගැන...... ශක බුම් !
පුරුදු විදියට කඩාගෙන බිදගෙන බදුල්ල බස් එක එද්දි අද මන් ඒ දිහා බලන් ඉදියෙ ආසාවෙන්..... ඉස්සර මතක කොච්චර සුන්දරද....හිටගෙන යන හැමදාම එයා මාව ඇගට තුරුල් කරගන්නෙ කාගෙවත් ඇගේ වැදෙන්න නොදී...... සීට් එකක් හම්බුනාම එයා වාඩිගන්නෙත් නැතුව සීට් එක දෙන්නෙ මට.... සමහර දාට එයා වාඩිගෙන මාව උකුළට ගන්නව ....