" ශෙනුවො මෙන්න මේ ගාණත් බලපන්...."
" කෝකද??"
" ටෑන් නවයයි තීටා සමානයි කොට් තීටා....."
" අහ්ම්.....මේක මෙහෙමයි ....මේ කොට් ටෑන් කරල ටෑන් අනූව සෘණ තීටා කියල ලියල ඒකට ටෑන් වල සාධාරණ සමීකරණෙ දාහන්...එතකොට හරි .."
" තැන්ක් යු මචන්...මෙ ටික හදාගන්න බැරුව අසරණ වෙලා ඉදියෙ..."
ටිරාන් මන් උරහිසට ගහල පුටුවෙන් නැගිටල පන්තිය දිහාවට ගියේ මන් පොතත් අතට අරන් බෙන්ච් එකෙන් නැගිටින්න හදද්දි..... දැන් වෙලාව එකොළහමාරයි..... දොළ්හ වෙනකන් පොඩි ඉන්ටවල් එකක් හම්බෙනව..... උදේ ඉදන් නවිදුව මාත් එක්ක එකට එක.... ඌ මූණ වත් බලන්නෑ....ඌව යාලු කරගන්න වෙනම ගේමක් හහන්න වෙනව.....පසනත් ක්රිකට් ප්රැක්ටිස් ගිහින් නිසා පට්ට පාළුයි...
" උඹ කන්න එන්නැද්ද??"
පන්තිය ඉස්සරහ වැඩ කරන්න දාලා තියෙන ගල් බංකු උඩ ඉදගෙන කල්පනාවක ඉදිය මම ගැස්සුනෙ නවිදුගෙ කටහඩත් එක්ක.... අද දවසටම ඌ දැන් තමයි ඔය කතා කළේ..... කොහොම උනත් නවියා කතා නොකර ඉද්දි දුකයි...පොඩි කාලෙ ඉදන් සහෝදරය වගේ එකටමනෙ ඉදියෙ....
" මට කන්න බැ....සමහරු අපි එක්ක තරහයි නෙ....."
" එහෙන්ම් නිකන් හිටපන්... හේෂාන් අයියා ඇවිත් කවල යයි....."
හුහ් ! නවිදු මට ගස්සල පන්තියට යන්න ගියේ මන් හිනාව තද කරන් ආයෙ පොත පෙරලගනිද්දි....
ම්ම්ම්....මොකද්ද මන් දැන් කර කර ඉදියේ...... ආ......චාල්ස් , ඇවගාඩ්රෝ සහ බොයිල් නියම මගින් පරීපූර්ණ වායු සමීකරණය ප්රකාශ කිරීම......ම්ම්ම්.....පරිපූර්ණ වායු සමීකරණය කියන්නෙ PV = nRT ම්ම්.....
" ශෙනූ........!!"
" ඕ....."
" පසන උඹට ස්පෝර්ට් room එකට එන්න කිව්වා...."
" ඇයි එ??"
" දන්නැ......"
පණිවිඩෙ දුන්න එකා යන්න යද්දි පොත වහල එතන එහෑන් තිබ්බ මම පන්තිය දිහා බලමින් මැත්ස් එකෙන් එළියට ඇවිත් කැඩෙට් රූම්ස් පැත්තෙ තියෙන ස්පෝර්ට් රූම් එකට ඇවිදන් ගියේ චකිතයකින්.... අද දවසටම එයාව දැක්කෙ නෑ....එයා අද අපෙ ස්කොලෙට එනව කියල ඊයෙ කිව්වා තමයි ....ඒත් මට ඒ පැත්තට යන්න හම්බුනෙත් නැ දැක්කෙත් නැ....