" අප්පච්චී මම යනවා....."
" හෝව් හෝව්....ඔහොම ඉන්න ඔහොම ඉන්න...."
පහුවදා හවස දෙකට විතර මම පොත් දෙකකුත් අතේ අරන් ගෙදරින් එළියට බැස්සෙ උදිත් අයියලහ යන්න....ඒත් වත්තෙ වැඩක් කරමින් උන්න අප්පච්චී මග හරස් කළේ මගේ යට ඉදල උඩටම බලමින්.....
" ඇයි අප්පච්චී ......"
කොල පාට ටී ෂර්ට් එකකට දුඹුරු පාට ශෝටක් ඇදගෙන කොණ්ඩෙ උඩට කරල පීරන් ඉදිය මම දිහා අප්පච්චී ඇසිපිය නොහෙලා බලන් ඉද්දි මන් එහෙම ඇහුවෙ පුදුමෙන්....
" කොහෙද දැන් මේ යන්නේ ??"
" ඇයි අප්පච්චී මන් අර කිව්වෙ.....අර නිමල් සර්ගෙ ගෲප් ක්ලාස් එකක් ගැන....."
" කොහෙද දැන් ඕක තීන්නෙ ??"
" උදිත් අයියලගෙ ගෙදර ......"
මන් එහෙම කිව්වෙ කොහොමත් අපෙ අප්පච්චී උදිත් අයියා එක්ක ෆිට් නිසා.....
" යන් මාත් එන්නම් ඇරලවන්න...."
" නෑ නෑ.....අප්පච්චී කරදර වෙන්න ඕන්නෑ..... නොදන්න තැනකට යනව නෙමෙනෙ ඉතිං ...ම්හු...."
" කීයටද ඉවර වෙන්නෙ??"
" හයට......."
" පරිස්සමෙන් ගිහින් එන එකයි තීන්නෙ.... දන්නවනෙ ඔය පැත්තෙ ඉන්නෙ කවුද කියල ..... පුලුවන් නම් උදිත් ළමයට කියල මෙහාට ඇරලවගන්න ....."
" හරි හරි අනේ.....මන් යනවා....."
අප්පච්චීට වැදල මන් පිම්මෙ එළියට දුවන් ගියේ තව මොනාහරි අහන්න කලින්....අපෙ ගෙදර ඕම තමයි ....මන් හැදෙන්නෙ දැඩි නීති යටතේ....
" මන් එනකන් නේද ඉදියෙ ....??"
ගෙදරින් එළියට ඇවිත් වෙනද යන පැත්තට නැතුව උඩහට යද්දි මග දුරක් ගිහින් මම දැක්කෙ ඉනට අත් දෙක ගහන් ගේ ඉස්සරහ බලන් ඉන්න නවිදුව... මූ නන් එනකන් ඉදල....මන් හිතුවෙ තරහට යන්නැති කියල ....
" අනේ.....උඹව ගන්න අර උබේ මහ ලොකු අයියා ඉන්නෙ....."
උගේ සුපුරුදු එරවිල්ල දාලා ඌ ඉස්සර උනේ මන් ඌ පස්සෙන් දුවන් ගිහින් කරට අතදාගනිද්දි....
" නවියෝ....ඕම ඉන්නෙපා බල්ලො ඉතිං ...."
" එහාට පලයන්...."