🥀 | | Bonus Round 👅👀 | | 🥀

2.5K 218 83
                                    

🌄🌄

" හේ...ෂු....."

අලුත් දවසකට ඉර පායද්දි එයා තවමත් ඇදට ඇවිත් නෑ කියල දැක්ක නිසා මන් සාලෙට ඇවිදන් ගියේ නැගිට්ට පැදුරෙන්මයි.....

" හේ....ෂු......"

එයා තාම සෝපා එකේ වාඩිගෙන අතට හිස හේත්තු කරන් දෑස් පියාගෙන ඉන්නෙ ලොකු කල්පනාවක.....මන් එයා ළගට ගිහින් වාඩිගෙන හෙමින් කතා කළේ එයා දෑස් ඇරල මන් දිහා බලද්දි....

" ඔ....යාට....මහ....සිත්....ඇතිනෙ.... චුට්ටක් නිදාගන්න...."

බයෙන් බයෙන් මන් කිව්වෙ එයා ආයෙ ඇගට කඩා පනී කියල බයට...

" ම්ම්......"

එයා ආයෙ දෑස් පියාගනිද්දි මන් එයා දිහා බලන් ඉදියේ හදවතේ කකියන වේදනාවෙන්...... අපේ අයියා ඒ දවස් වල ඉද්දගොඩ ඇමතියට ලියපු ආර්ටිකල්ස් සේරම මගේ fb ඇක් එකේ පරිස්සමට තිබ්බා....ඒ සේරම පෙන්නන්නත් හිතයි....ඒත් අදත් උදේ පාන්දර ප්‍රශ්න ඇදගන්න ඕනි නැ....

එයා දිහා බලන් ඉදල මන් හෙමීට එයා ළගට ලන් වෙලා එයාගෙ නපුරු මූණ දිහා බලන් කම්මුලක් සිපගත්තෙ එයා ඇස් ඇරල මන් දිහා බලද්දි....

" මේ..... සො...රි..."

හොරා වගේ මන් කිව්වෙ බිම බලාගෙන......

" මොකටද ?"

පුරුදු නපුරු කටහඩින්ම එයා ඇහුවා....

" මන්....ලංකාවට යන්න ඕනෙයි කිව්වට.... මන්....ඒක හිතල කියපු දෙයක් නෙමේ....."

දෑගිලි එකට ගුලි කරන් මන් කිව්වෙ එයා ගෙ දෑස් මගේ මූණෙ තියෙද්දි....

" උඹට විහිළුවට හරි ඒක ඕනෙ උනානේ...... "

" හේ..ෂු.... මට ...ඕන්නෑ....."

" අම්මත් අසනීපෙන් කිව්වෙ....උඹ මන් ලග උන්නෙත් කැමැත්තකින් නෙමේනේ.....හෙට උදේ ෆ්ලයිට් එකට මන් ඔන්ලයින් ටිකට් බුක් කළා....."

පෝන් එකේ ෆ්ලයිට් shedule එක දාලා බුක් කරපු චෙක් එක එයා පෙන්නුවෙ පෝන් එක ඔඩොක්කුවට විසි කරන ගමන්.....

මගේ ඇගම සීතල වෙලා ගියේ ඇත්තටම එයා ෆ්ලයිට් එක බුක් කරල කියල දකිද්දි....

" අනේ....හේ..ෂු....මන්...."

" වචනයක් කියන්නෙපා !! "

Heart Felt Rose Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ