🥀 | | The day 📚 | | 🥀

1.1K 212 56
                                    

🌄🌄🌄🌄🌄

බෙඩ් ශීට් එක කරටම පෙරවන් ඉදියත් මට දැනුනෙ පට්ට සීතලක්.... මන් තවත් බෙඩ් ශීට් එකට ගුලි උනේ ගෙදර ඇද කියල තවමත් හිතට  දැනෙද්දි.....

" මයිලො නැගිටපන් උදේ වෙලා......."

එ සැනින් කන ළගින්ම එයාගෙ ටකරන් වොයිස් එක ඇහුනෙ මාව උඩ ගිහින් බිම වැටෙද්දි...

යාන්තමට ඇස් ඇරලා බලද්දි තමයි මට මීටර් උනේ ඉන්නෙ හොස්ටල් එකේ කියල ......

" ම්ම්හ්.....නිදා...ගන්නව....කො..... වදේ....."

බෙඩ් ශීට් එකෙන් මූණ වහගෙන මන් කිව්වෙ පෝන් එකෙන් මන් දිහා බලන් කුංචනාද දෙන එයාට.....

" යකෝ හත පහු..... නැගිටලා ලෑස්ති වෙනවා.....නැත්තන් මන් යනව යන්න කැම්පස් එකට....."

අද එයාට ලෙක්චර්.... අද මාත් එක්ක ඉන්න ඕනෙ නිසයි එයා නොයා ඉන්න තීරණය කළේ......

" යනවා.... ඉතිං .....නපුරා....පොඩ්ඩක් ...වත්... ආදරේ... නෑ...."

කෙදිරිගගාම මන් කිව්වෙ බෙඩ් ශීට් එකෙන් මූණ වහගෙන....

" නැගිටපන් බබා...!"

" ටිකකින්......"

" ටිකකින් බෑ..... දැන් නැගිටල ලෑස්ති වෙයන්.... ඊට පස්සෙ උදේට කාලා මුලින් exibition එක පැත්තෙ ගිහින් එමු......"

" ම්හ්හ්.......!"

" නැගිටපිය උට්ටො....."

අනේ මේ මිනිහට ඉතිං !! දෙන්නම් වැඩේ.....

" මොකා ??මොකද්ද තමුසෙ ඒ කිව්වෙ ආ.....??"

බෙඩ් ශීට් එක අයින් කරලා මන් කෑ ගැහුවෙ අමාරුවෙන් ඇස් ඇරගන්න ගමන්.....

කොහෙද මේ යකා මෙ ඉන්නේ....??එක තැන දුවනව වගේනෙ.....

" කිව්වෙ ඇහුන එක.....දැන් නැගිටල ලෑස්ති වෙයන්.....අපෝ උඹටත් පු$ උඩ දාන් නිදියන්න තීනව නම් එච්චරයි ......"

හෑ....මේ යකා උදෙන්ම gym ගිහින්ද ??

" කොහෙද ඉන්නෙ......."

ඇස් පිහමින් මන් ඇහුවෙ ඊයෙ රෑ ටේබල් එකට හේත්තු කරල තිබ්බ පෝන් එක අතට අරගෙන..... රත් වෙලා..... රත් වෙන්නැද්ද ඉතිං ඊයෙ රෑ ගත්ත විඩියෝ කෝල් එකහ්....

Heart Felt Rose Hikayelerin yaşadığı yer. Şimdi keşfedin