සීතල නිසා අත් දිග හූඩියක් ඇදගෙන පොත් මෙසේ පුටුව අරන් මන් ආවෙ බැල්කනි එකට.....දැන් වෙලාව හවස තුනට වගේ ඇති .....ඒත් හවස හය වෙලාවට තියෙන ගොම්මනින් පරිසරය වැහිලා ගිහින්... අහසෙන් කඩන් වැටෙන වැහි බිංදු වේගෙන් ඇවිත් කොළ පට ගස් කොළන් වලට කඩන් වැටෙද්දි ඒ සේරමටත් වඩා මන් අහන් ඉන්න ආස උනේ වැස්සෙ සද්දෙ...... හෝ හෝ හඩ....
මන්ම හදගත්තෙ රස්නෙ කෝපි කෝප්පෙ අතට අරන් මන් පුටුවෙන් වාඩිගත්තෙ අහස දිහා බලාගෙන....
මන් ඉන්නෙ මොන වගේ තත්වෙකද කිව්වොත් මට දැන් හැමදේම එපා වෙලා තීන්නෙ....එදා එයාව මුණ ගැහිලා අදට සති දෙකක්..... ගෙදරින් කියලත් මහා ලොකු වෙනසක් නෑ.....හැබැයි මන් අප්පච්චීගෙන් සමාව ගත්තා.... අප්පච්චී ඉස්සර තරම් නැතත් ටිකක් හරි මාත් එක්ක කතා කරන්නෙ ඒක හිතට සහනයක් වෙද්දි....ඒ කොහොම උනත් තාම මට එළියට බහින්න තහනම්....
එයාට මට කතා කරන්න විදියක් ඇත්තෙත් නෑ මට කතා කරන්න පුලුවන් කමක් තිබ්බත් මන් එයාට ගන්න උත්සහ කළෙත් නෑ.... මට කලකිරුනා....මේ හැමදෙයක් ගැනම.....මාව විශ්වාස කළා නොකළා එයාට මට අත උස්සන්න උවමනාවක් නෑ......ඒකට මගේ හිත බිදුනා.... එයා එවෙලෙ මට කිව්ව කතා ඒ වචන මතක් වෙන වාරයක් පාසා මට දැනුනෙ මහා ලොකු දුකක්.... එවෙලෙ මන් ඉදිය තත්වෙත් එක්ක එයා කරපු වැඩේ හරිම වැරදී.....මගේ හිත හදනව වෙනුවට එයා කළේ මාව තවත් රිද්දපු එක.....
මට මතක් උනේ අපි දෙවෙනියට මුණ ගැහිච්ච දවස..... එදා එයා ආවෙත් මේ වගේ වැස්සක තෙමිලා....
වැස්සට තෙමුණ කොණ්ඩෙත් ගස ගස එයා ස්ටෑන්ඩ් එක ඇතුළට ආවෙ බස් එක ගිය එකට දුකෙන්.... ඇගටම ඇළුණ ස්කූල් යුනිෆෝම් එක ඇදන් දිලිසෙන කොළ පාට ඇස් එක්ක එයා මෙහාට ආවෙ මන් එදා යකඩ වැටෙනුත් බිමට වැටෙද්දි.... මට හිතාගන්න බැරි උනා එයා එදා එතන ඉද්දි......
එයා ගැන මතක් වෙද්දි පපුවට දැනෙන්නෙ දුකක්.....මන් දන්නෑ එයා දැන් උනත් මන් ගැන මොනවා හිතන් ඉන්නවද කියල ..... ඒ ගැන දැනගන්න වත් අපිට කතා කරන්න ලැබුන් නෑ....
කොහොම උනත් මට එයා ගැන තරහක් නෑ ....මට තියෙන්නෙ කලකිරීමක් විතරයි .....