🐯 ටේහ්‍යුන්/ බෙයාර්
🐰 ජන්ග්කුක් / කුකී / කූ
🐹 ජින්/ ජිනි
🐨 නම්ජුන් / ජුනි
🐱 යූන්ගි/ යුගි
🐥 ජිමින් / මිනි
🦄 හෝසියෝක්/ හොබි
🐵 ජැක්සන් / ජැකි
🌺 ජෙනි/ පොඩි
🐺 කායි
🌹 ජිසූ / ලොකු
🕊️ මියුන්ග්සෝ
🌱 ලීසා / ඩෝලි
❤ රෝස්
💛 ඉයුන්වූ
👿 ඇල්ෆා මින්ගුක්
🧛 මූයොන්ග්..............................................................................................
ටේහ්‍යුන් හිමීට ඇස් අරිනකොට එයා හිටියේ අදුරු කාමරයක් ඇතුලේ ඇදක් උඩ...යාන්තම් හද එලියෙන් වට පිටාව බැලුවත් වට පිටාව හුරු නැති නිසා එයා නැගිටින්න හැදුවත් එයාට දැනුනා එයාගේ කකුල් වලට පන නෑ කියලා...ඉනෙන් පහල කිසිම දෙයක් ටේහ්‍යුන්ට හොල්ල ගන්න බැරි උනා..ටෙලිපෝර්ට් වෙන්න උත්සාහ කරත් මේ කාමරේ ඇතුලේ ටේහ්‍යුන්ගේ හැම බලයක්ම අවහිර වෙලායි තිබුනා...අඩුම එයාගේ ෆැමිලි එකේ අය එක්කවත් මයින්ඩ් ලින්ක් එකක් තියාගන්න පුලුවන්කමක් තිබ්බේ නෑ...
🐯 කවුරු හරි ඉන්නවාද ??
බැරිම තැන කතා කරත් කාමරේ ඇතුලට කිසිම කෙනෙක් ආවේ නෑ...කෑ ගහලා කෑ ගහලා බැරිම තැන ටේහ්‍යුන් කාමරේ වටේට ඇස් යවන්න පටන් ගත්තා...ජනෙල් කවුලුවෙන් වැටෙන හද එලියෙන් මුලු කාමරේ පුරාවටම ඇස් යවපු ටේහ්‍යුන් දැක්කේ එයා ඉන්න ඇදයි අයිනකින් පුටුවකුයි ලොකු ටීවී එකකුයි විතරයි..ටේහ්‍යුන්ගේ පුංචි හා පැටියාව මතක් වෙලා ඇස්වල කදුලු ඉනුවත් තමන් තව දුර්වල උනොත් තමන්ට බේරෙන්න බෑරි නිසා ඉක්මනට ඇස්වලින් බේරෙන කදුලු පිහිදලා දැම්මා..කොන්දෙන් පහල පන නැති උනත් ටේහ්‍යුන් ඇදෙන් බිමට පෙරලිලා බඩගාගෙන දොර ලගට ආවත් දොරේ ලොක් එක අරින්න හදනකොටම එලියෙන් කෙනෙක් දොර ඇරගෙන ආවා..අදුර නිසා ඉන්න කෙනාව නොපෙනුනත් ඒ කෙනා ටේහ්‍යුන් ලගට පහත් වෙනවා කියලා එයාගේ හුස්මෙන් අදුරගන්න අමාරු උනෙ නෑ..
කොහෙද බෙයාර් යන්න හදන්නේ ??
තමන්ගේ කන ලගින් ඇහුන හුරුපුරුදු කටහඩින් ටේහ්‍යුන්ට එයාගේ ලග ඉන්න කෙනාව අදුරගන්න අමාරු උනේ නෑ..
🐯 ජූන් හ්‍යුන්ග් !!
🐨 ම්ම්ම්..යස් බේබි...කොහෙද මේ බඩගාගෙන යන්නේ ??
YOU ARE READING
My Little Wolfie | TK || Completed
Werewolf" හ්යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? " " සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ.." මිස්ටර් වැම්පිගෙයි කුකී බබාගෙයි ආදර කතාව !! # BTS # Blackpink # B × B # G × G # G × B