Prologue

1.3K 108 55
                                    

වසර 1195, සශ්‍රීකත්වයේ සහ සෞභාග්‍යයේ ඇරඹුම.  වන්හොෂි යනු කිසිදු අධි රජෙකුගේ පාලනයට යටත් නොවූ ස්වාධීන ගම්මානයක්. වසර ගණනාවක් තිස්සේ නොනැසී පවතින සශ්‍රීක බව නිසාම කිසිදු පාලනයකින් තොරව ගම්මානයේ කටයුතු හොඳින් සිදු වුණා. අනෙකුත් රාජධානි වලට මෙහි පාලනයක් නොමැති නමුත් විශිෂ්ට පැවැත්ම පිළිබඳව තිබුණේ විශාල කුතුහලයක්. එහෙත් ඔවුන් සියලු දෙනාම විශ්වාස කල එක් දෙයක් තිබුණා. එනම්, වන්හොෂි ගම්මානය පුරාණ දේවතාවන්ට බාර කල ගම්මානයක් බව.

වන්හොෂි ගම්මානය බොහොම අධ්‍යාත්මික සුවයක් තිබුණු පලාතක්. ඉතින් ඇත්තටම මෙහි දෙවියන් සිටින බව විශ්වාස කිරීමේ වරදකුත් නැහැ. ගම්මානයේ ඉහලම ස්ථානය වුන චන්ග්නොම් කඳු මුදුනේ දෙවියන් වෙනුවෙන් මාළිගාවක් ඉදිකර තිබුනේ ගම්වැසියන් විසින්මයි. වසර ගණනාවක සිටම මෙහි දේවතාවියන් වාසය කරන බවට ඔවුන් විශ්වාස කලා. ඒ විශ්වාසය තහවුරු කරමින් කඳු මුදුනේ පහල දේවතාවියන් වෙනුවෙන්ම වගා කරන බෙරි වර්ග දිනෙන් දින දේවතාවියන් රැගෙන ගියා. එහෙයින් සත්‍ය වශයෙන්ම මෙහි දේවතාවියන් සිටින බව සියලු දෙනාම පිළිගත්තා. 

සත්‍ය තත්වයත් එයමයි. වන්හොෂි ගම්මානයේ මිනිසුන්ගේ යහපත් ගති පැවතුම් සහ ජීවන රටාව හේතුවෙන් පැහැදුණු දේව ලෝකයේ අධිපති ෂින් දිව්‍ය අධිපති තුමා විසින් තෝරාගන්නා ලද අමරණීය දේවතාවියන් දස දෙනෙකු ජනතාව විසින් ඉදිකල මාලිගාව වෙත එවනු ලැබුවා. මෙයට තවත් හේතුවක් තිබුණා. එනම් මෙහිදී මේ තරුණ දේවතාවියන් ආරක්ෂා කරගැනීමට අමුතු වෙහෙසක් දැරීමට සිදු නොවීමයි.

දේවතාවියන් දසදෙනා සමඟින් ඔවුන්ට සේවය කිරීම සඳහා විශේෂ සේවිකාවන් දස දෙනෙකුත් සිටියා. නමුත් කිසිවෙකුත් නොදන්නා කරුණ නම් මේ සේවිකාවන් තෝරාගත්තේ මිනිස් ලෝකයෙන් බව. එයට හේතුව වුණේ මිනිස් ලෝකයේ තරුණියන් හට වඩාත් පහසුවෙන් දේවතාවියන්ගේ කටයුතු කල හැකි බව ඔවුන් සිතූ නිසා විය හැකියි. නමුත් දේවතාවියන් සමඟ කටයුතු කිරීම ඔවුන් සිතන තරම් පහසු වුනේ නැහැ. හේතුව නම් දේවතාවියන් සේම නීති රීති රාශියකට යටත් වීමට ඔවුන්ට සිදු වුණා.

Until We Meet || JJK ✓Where stories live. Discover now