"දැන් අපි කොහාටද යන්න ඕන ස්වානා?"
ජංගුක් ඇහුවෙ විශ්ව විද්යාලයට ආවත් එතනින් පස්සෙ යන්න ඕන තැනක් ගැන අදහසක් තිබුණෙ නැති නිසා. ඇරත් කාලය හරහා යන එක ගැන පෙර ආත්මයේදිවත් ඔහු අහලා නොතිබුණ දෙයක්. එහෙම තියෙද්දි මේක ගැන ඔහුට එතරම් විශ්වාසයක් තිබුණෙත් නැහැ.
ස්වානා වුනත් කාලය හරහා යන්න පුළුවන් බව දැනගෙන හිටියත් කවදාවත් ඒකට උත්සාහ කරලවත් එහෙම කරපු කෙනෙක් ගැන අහලාවත් තිබුණෙ නැහැ. ඇත්තටම කිව්වොත් කාලය හරහා යන එක දේව සභාවෙන් තහනම් කරපු දෙයක්. හදිසියේ වත් අතීතයේ තියෙන මොකක් හරි දෙයක වෙනසක් වුනොත් ඒක ගොඩක් ලොකු ප්රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා.
"අපිට එදා ෂියානා මෙහෙන් ගිය තැනට යන්න වෙනවා. ඒ කිව්වෙ යුනි එකේ පිටිපස්සෙ තියෙන කැලෑවට."
"හරි එහෙනම් අපි යමු."
"ඉන්න ටේ..... යන්න කලින් අපි ටිකක් මේ ගැන කතා කරන්න ඕන. මොකද අපිට දැන් වුනත් මේක අතාරින්න කාලය තියෙනවා."
ස්වානා කිව්වෙ ජංගුක් දිහා බලන ගමන්. නමුත් ජංගුක් කලේ නිශ්ශබ්දවම කැලෑව පැත්තට ඇවිදගෙන ගිය එක. හැමෝගෙම හිත් වල මේ ගැන බයක් තිබුණා. විද්යා ශිෂ්යයින් විදිහට විද්යානුකූලව කාලතරණය ගැන ඔවුන් ඉගෙනගෙන තිබුණා වගේම ඒක ජීවිතය නැති වෙන්න තරම්ම භයානක දෙයක් බවත් ඔවුන් දැනසිටියා. ඒ වගේ තත්වයක මායාවෙන් කාලතරණය කරන එක මොන වගේ වෙයිද කියලා කාටවත් ලොකුවට තේරුණේ නැහැ.
"හ්ම්..... මොනාද ඔයාට කියන්න තියෙන්නෙ ස්වානා?"
"මේකයි ජංගුක්..... අපි හැමෝම දන්නවා මේක කොච්චර අවධානම් වැඩක්ද කියලා. අපිට ආයෙත් එන්න පුළුවන් වෙයිද කියලාවත් දන්නෑ. අනිත් එක අපි මෙහෙන් ගියාට පස්සෙ අපේ ගෙවල් වල අය ගොඩක් කලබල වෙයි."
"ඉතින් ඔයා අදහස් කරන්නෙ මෙතනින් මේක නතර කරමු කියලද?"
"මං එහෙමම කියන්නෑ... ඒත් අපි කරන්නෙ නීති විරෝධී වැඩක් කියලත් මතක තියාගමු."
ස්වානා කියද්දි ඔලුව වනපු හැමෝම ඉස්සරහා බලාගත්තෙ ස්වානා ඇගේ පලඳනාව ඇය ඇඳන් හිටපු ඇඳුමින් රඳවගනිද්දි. එතනින් පස්සෙ හැමෝම තදින් අත් අල්ලගත්තෙ එකිනෙකාව මඟ නොහැරෙන්න ඕන නිසා.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!