"අනේ කූ බබා ඔයා වෙනස් වෙලා දැන්. ඉස්සර වගේ නෙවෙයි. ඇයි අනේ මේ?"
"ප්ලීස් හීෂා මට ටිකක් තනියම ඉන්න දෙන්න."
"එහෙම කොහොමද ආආ? කම් හියර් බේබි... අපි මැරේජ් එකේ වැඩ ගැන බලන්නත් ඕන."
ජංගුක් හිටියෙ හීෂා එක්ක විශ්ව විද්‍යාලයට වෙලා. හීෂා වෙනදා වගේ ජංගුක්ට ලංවෙන්න උත්සාහ කලත් ඔහුට දැනුණෙ ඒක වැරැද්දක් වගේ. ඒ නිසාම ජංගුක් හීෂාගෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කලා.
පෙර ආත්මයේ මතක නැවත ලැබීමෙන් අනතුරුව ජංගුක්ගේ සෙල්ලක්කාර ගති පැවතුම් වලත් ලොකු වෙනසක් ඇති වුණා. වෙනදට තරුණියන් සමඟ වැඩිපුර ගැවසුනු ඔහු දැන් නිතර උත්සාහ කලේ තනිවෙන්න. ඔහුගේ සිතට නිතරම ෂියානාගේ මතක වද දීමත් සමඟ ඔහු අවසානයේ ඇයව නැවත ගෙන්වා ගැනීමට ක්‍රමයක් සොයමින් සිටියා.
එක්වරම ජංගුක් දකින්නෙ විශ්ව විද්‍යාලය තුළට එන ස්වානාව. ඇය සමඟ ටේහ්‍යොන්ග් ජිමින් දෙදෙනාත් සිටියා. ඇයව දුටු සැනින් ජංගුක් ඉඳගෙන හිටපු තැනින් නැගිටලා ඇය දෙසට දුවගෙන යන්නෙ ජංගුක්ගෙ අතේ එල්ලිලා හිටපු හීෂා විසික් වෙලා ගිහින් බිම වැටෙනවා වත් ගණන් ගන්නෙ නැතුව.
"ආආආආහ්..... කූ බබා... මොකක්ද අනේ ඔයාට වෙලා තියෙන්නෙ?"
හීෂා තමන්ගේ ඇඳුම් වල ගෑවුණු මඩ පිහදාන ගමන් බලාගෙන හිටියෙ හරිම අමුතු විදිහට හැසිරෙන ජංගුක් දිහා. දුවගෙනම ස්වානා ලඟට ගිය ඔහු ඇගේ අතින් අල්ලගත්තා.
"ස්වානා....... මං කියන දේ අහන්න. මට ෂියානාව ආපහු ගේන්න ඔයාගෙ උදව් ඕනෙ..... ප්ලීස් ස්වානා."
"මට ඔයාට උදව් කරන්න බැහැ ජංගුක්. අනිත් එක සදාකාලික නින්දට වැටුණු කෙනෙක්ව ආයෙ ඇහැරවන්න බැහැ."
"ඒත්..... ඒත් එයා තාමත් නින්දට වැටිලා නැත්තං අපිට කාලෙ තියෙනවනෙ ස්වානා."
ජංගුක්ගේ දිලිසෙන ඇස් දිහා මඳ වෙලාවක් බලා හිටපු ස්වානා ඔහුගේ අත ගසා දාලා ඉදිරියට යන්න පටන් ගත්තා. ඒත් ඇය හොඳින්ම දැක්කා ජංගුක්ගෙ දෑස් වල තිබුණු බලාපොරොත්තු ගොන්න. නමුත් ස්වානාට අවශ්‍ය වුණේ ඔහුටත් ෂියානාගේ වේදනාව දැනෙන්නට සැලැස්වීම. ස්වානා කොයිතරම් ඔහුව මඟ හරින්න හැදුවත් ජංගුක් උත්සාහය අත්හැරියේ නැහැ.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!