"ආආආ..... ස්වානාආආ....."
ජංගුක් කොයිතරම් හයියෙන් කෑ ගැහුවත් තේරුමක් නැති බව ඔහුට තේරුණා. ඒ අතර ජිමින් වගේම ටේහ්යොන්ග් තවමත් වශී බන්ධනයකට ලක් වෙලයි තිබුණෙ. එකපාරටම ජිමින්ව බිමට දාපු ජංගුක් ඔහුගේ ඇඟ උඩින් ඉඳගෙන ටේහ්යොන්ග්වත් ඇදලා අරගෙන තදින් දෙන්නවම අල්ල ගත්තෙ බෝට්ටුව එහා ඉවුරට යනකම් ඔවුන්ව පාලනය කරගන්න ඕන නිසා.
විටින් විට ජලය දිහා බැලුවත් කිසිම වෙනසක් නොවුන නිසා ජංගුක්ගෙ ඇස් වලින් ඉබේම කඳුළු වැටෙන්න පටන් ගත්තා. ස්වානාගේ තත්වය හොයන්න ගිහින් ටේ ජිමින් දෙන්නවම අනතුරේ දාන්න බැරි නිසා ඔහු හිටියෙ වෙන කරන්න දෙයක් නොමැති කමින්මයි.
විනාඩි පහලවකට විතර පස්සෙ බෝට්ටුව එහා ඉවුරට ලංවුනේ ටේහ්යොන්ග් සහ ජිමින් දෙදෙනා ඔවුන්ගේ බන්ධනයෙන් නිදහස් වෙනකොට. ටේහ්යොන්ග් තමන්ගෙ ඇස් දෙක පිහදාලා ඉස්සරහ බැලුවෙ ජංගුක් මොකක් හරි පැළෑටියක් දෙන්නගෙම අතේ ගැට ගහද්දි.
"ම්.... මොකක්ද මේ?"
"ඕක වශී බන්ධනය නැති කරන්න ගන්න පැලයක්. ජීවිතේ බේරගෙන දූපතට ආවොත් විතරයි මේවා ගන්න පුළුවන්."
ජංගුක් කියද්දි ටේහ්යොන්ග් බැලුවෙ ඔහුගෙ ඇස් දිහා. ජංගුක් අඬලා කියලා දැකපු ගමන්ම කියන්න පුළුවන් වුනත් ඒකට හේතුවක් ඔහුට තේරුනේ නැහැ. බන්ධනය තුල හිටපු වෙලාවෙ සිදු වුන කිසිම දෙයක් ඔහුට මතක තිබුණෙ නැහැ. ඒත් ඔහුගේ දෑස් තවමත් කිසිවෙකු සොයන ගමනුයි හිටියෙ.
"ජ.... ජ... ජංගුක්. කොහෙද ස්වානා?"
"එයා......."
"ජංගුක් කියපන් කොහෙද ස්වානා?"
ටේහ්යොන්ග් කිව්වෙ ජංගුක්ගෙ උරහිස් වලින් අල්ලලා ඔහුව සොලවන ගමන්. එක්වරම ස්වානා පේන්න නැති වෙනකොට ඔහුට දැනුණෙ බයක්. සිදුවුන දෙයක් නොදැන වුනත් ඔහුගේ ඇස් වල දැනටමත් කඳුළු පිරිලා.
"එයා..... එයා වතුරට වැටුණා ටේහ්යොන්ග්. එයාගෙ කකුල පැටලිලා වතුරට වැටුණා."
ජංගුක් බිම බලාගෙන කිව්වෙ ඔහුට ටේහ්යොන්ග්ගෙ මුහුණ දිහා බලාගෙන දෙයක් කියන්න පුළුවන් නොවුන නිසා. ටේහ්යොන්ග් තල්ලු කරපු නිසා ස්වානා වතුරට වැටුණා කියලා නොකියා ඉන්නත් හේතුව ඔහුව තවත් දුකට පත් කරන්න බැරි කමමයි. ඒත් ටේහ්යොන්ග්ට යම්කිසි දෙයක් ඔලුවෙ තිබුණා.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!