"මේ හීෂා....... අන්න ජින් සර් එන්න කිව්වා."
"ඒ මොකටද මට කතා කරන්නෙ ජිමින්?"
"ඒක ඉතින් සර්ගෙන්ම අහගන්න. අනික සර් කෙනෙක් කතා කලාම ඇයි කිය කිය හොය හොය ඉන්නෑනෙ. ගිහින් බලන්න."
ජිමින් කියද්දි හීෂා බැලුවෙ ජංගුක්ගෙ දිහා. ඔහුත් ඇයට යන්න කියන්න වගේ මූණ හදාගනිද්දි හීෂා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.
"හරි එහෙනම්.... කූ බබා මම ඉක්මනට ගිහින් එන්නම්."
ජංගුක්ගෙ කම්මුලට හාදුවකුත් දුන්න හීෂා ජිමින්ට ගස්සලා එතනින් ගියේ ජිමිනුත් කෙල්ලට ඇද කරනකොට. මේ වෙලාවෙ ඔවුන්ට තිබුණු එකම කරදරය වුන හීෂාව එලවගත්ත නිසා දැන් නිදහසේ ඔවුන්ට කතා කරගන්න පුළුවන්. ඒත් හීෂා යනවත් එක්කම ජංගුක් ඔහු හිටපු තැනින් යන්නයි ලෑස්ති වුණේ.
"ආආ.... හා හා... ඔහොම ඉන්නවා හා කුමාරයා. අච්චර දේවතාවියක් ඉන්නැද්දි අර පොල් කටු මාලෙ කරේ එල්ලගන්න පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ. මට කියලා ඔය හා කන් දෙකෙන් එල්ලෙන්නෙ නැතුව ඔහොම ඉඳගන්නවා."
ජිමින් කිව්වෙ ජංගුක්ගෙ උරහිස් වලින් අල්ලලා ඔහුව නැවතත් පඩිපෙලෙන් ඉන්දවන ගමන්. ඒත් ඉතින් ජිමින් කියපු දේවල් එක්ක ජංගුක්ට හොඳටම තරහා ගියා.
"ඒයි කොටා.... තමුන් මොන එහෙකටද හීෂාට ඔය වගේ කැත කතා කියන්නෙ ආආ? දැනගන්නවා ඒ මගේ ගර්ල්ෆ්රෙන්ඩ්."
"ඇත්තටම මට හිතාගන්න බැරි දේවතාවියක් එක්ක ඉඳලත් ඔහේගෙ කිසිම සංවරකමක් නැත්තෙ මොකද කියලා."
ජිමින් කිව්වෙ ජංගුක්ට රවන ගමන්. ෂියානා කියන විදිහට අනුව නම් මෙතන ඉන්න ජංගුක්ගෙ ගතිගුණ ජොන්හ්වන් කුමරුන්ට හාත්පසින්ම වෙනස්. ඒත් එක්කම එතනට ආවෙ ෂියානා ස්වානා සමඟ ටේහ්යොන්ග්. ජංගුක්ව දුටු සැනින් ෂියානාගේ මුහුණ සතුටින් පිරුනා වගේම ඇගේ ඇස් වල කදුළු පිරෙන්න පටන් ගත්තා. තමන්ගෙ ආදරේ ඇස් ඉස්සරහම මිය යනවා බලාගෙන හිටපු ඇයට දැන් තමන්ගෙ ආදරේ වෙනත් කෙනෙකුට ආදරේ දෙන විදිහත් බලාගෙන ඉන්න වෙලා. ඒකත් අසීමිත කාලයක් තිස්සෙ බලාගෙන හිටියටත් පස්සෙ.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!