"මේ ටික කාලා ඉන්නකො ජිමින්. අපිට හදාගන්න පුළුවන් වුනේ මෙච්චරයි."
"හ්ම්.... ඒත් මේ පිස්සො දෙන්නා පැය ගානක් ලිපට පිඹ පිඹ මෙච්චරද කලේ?"
ජිමින් කිව්වෙ දැනටමත් දෙපැත්තට වෙලා ඔරව ඔරව ඉන්න ටේ ජංගුක් දෙන්නා දිහා බලාගෙන. පැය හතරක් විතර එකදිගටම කරපු කෑම යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට කන්න පුළුවන් මට්ටමේ දෙයක් හදාගත්තත් ඒ වැඩේ නිසාම ටේ ජංගුක් දෙන්නා හිටියෙ මූණවත් නොබලන තරම් තරහින්.
එක පැත්තකින් ටේහ්යොන්ග්ගෙ ඇඳුම් වල අළු, දැලි ගෑවිලා තිබුණා වගේම ජංගුක්ගෙ මූණෙ පැත්තක්ම කළු පාටට හැරිලා තිබුණා. ජිමින් හිටියෙ ඒ දෙන්නට විහිලු කරන ගමන්.
"හ්ම්.... ඔච්චර කේන්ති ගන්න එපා අනේ. ජංගුක්.... ඔය කළු පාට හේදුවාම යයි. ඔයාලා අමාරුවෙන් හරි වැඩේ කළානෙ ඉතින්."
ස්වානා කිව්වෙ කෑම දාපු මැටි පිඟන් දෙකක් ටේහ්යොන්ග් ජංගුක් දෙන්නට දෙන ගමන්. තිබුණ මහන්සිය නිසාම දෙන්නා ඒක නම් එක හුස්මට කාගෙන ගියා. ටිකක් වෙලා ගියාට පස්සෙ ජිමින් දැක්කෙ තාමත් ඔහුගෙ දිහා බලාගෙන ඉන්න යොන්හාව.
"ඕහ්.... යොන්හා.... ඔයා මොනවා හරි කනවද?"
"හ්ම්.... මා හට ජලය මඳක් ලබාදෙන්න පුළුවන්ද ජිමින්?"
"හරි.... ඔහොම ඉන්නකො."
ජිමින් තමන්ගෙ ලඟ තිබුන වතුර කෝප්පෙන් කෙල්ලට වතුර ටිකක් පොවන්න ගත්තෙ අනිත් අයත් කටවල් ඇරගෙන ඒ දිහා බලාගෙන ඉන්නැද්දි. කලින්ට වඩා ජිමින්ගෙ හැසිරීම වගේම කතා කරන විදිහත් වෙනස් වෙලා කියලා ඔවුන්ට තේරුණා.
ටිකකින් ජිමින්ට ඇහුනෙ හයියෙන් හිනාවෙන සද්දයක්. එකපාරටම වුන දේ නිසා බයවෙලා වගේ ඒ පැත්ත බලපු ජිමින් දැක්කෙ කෑම ටිකත් බිම දාලා බඩත් අල්ලගෙන හිනාවෙන ටේ ජංගුක් දෙන්නව.
"යාආආආ.... මොකද තමුන්ලා දෙන්නා හිනා වෙන්නෙ ආආආ?"
"හහා... හහා... හහ්... හම්මෝ.... අපේ කොට තාරාවාටත් හරි ගියා නේද එහෙනම්? හොඳයි හොඳයි... අඬ අඬ හිටියෙ කෙල්ලෙක් නෑ කියලනෙ. ඔන්න දැන් හරි."
"යාආආ.... කට වහගෙන ඉන්නවා ජංගුක්... ත... ත... තමුන්ට පිස්සුද? මේ ලමයා බයවෙයි ඔහේගෙ විකාර කතා වලට."
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!