පැය කිහිපයක ගමනකින් පස්සෙ ඔවුන් ලඟා වුනේ ජොන්හ්වන් මාලිගාවට. ඒත් ඉතින් මහාචාර්ය ජින් නම් හිටියෙ කන් දෙකේ ඇඟිලි ගහගෙන. මොකද කියනවනම් ලමයි හැමෝම මහ හයියෙන් සිංදු කියන ගමන් ට්‍රිප් එක හොඳටම එන්ජෝයි කලා. බස් එක නවත්තපු ගමන්ම හැමෝම බස් එකෙන් එලියට බහින්න පටන් ගත්තෙ උද්යෝගයෙන්.
"ලමයි කලබල කරන්න එපා....."
ප්‍රොෆෙසර් ජින් කිව්වත් ඔහුට කලින් ලමයි ගාල කඩා ගත්ත හරක් වගේ බස් එකෙන් එලියට පැනලා ඉවරයි. අන්තිමට බස් එකෙන් ටේහ්යොන්ග් ස්වානා එලියට එද්දි ඒ දෙන්නට පස්සෙ බස් එකෙන් එලියට බහින ගමන් හිටපු ජිමින්ව කාගෙ හරි කකුලක පැටලිලා ඇදගෙන වැටුනා.
"ආආආආ..... අලි හාවා. දෙයියනේ මගේ කොන්ද.... ටේහ්යොන්ගාආආ.... මාව උස්සනවකො."
ජිමින්ගේ කෑ ගැහිල්ල ගානකට නොගත්ත ජංගුක් තමන්ගෙ ගමන යද්දි ටේහ්යොන්ග් ස්වානා දෙන්නා ජිමින්ව නැගිට්ටෙව්වා. කොල්ලා හිටියෙ තරහින් පුපුර පුපුර. ඔහුට තරහ ගිහාම නම් හරිම හුරතල් තාර පැටියෙක් වගේ.
"මොකුත් අවුලක් නෑනෙ ජිමිනා?"
"නෑ නෑ... අර හා තඩියට හොඳ වැඩක් කරන්නම්කො මං."
ජිමින් කියද්දි ටේහ්යොන්ග් ඔලුව වැනුවෙ ඒක අනුමත කරන්න වගේ. හැබැයි ඉතින් ස්වානා නම් ඒතරම් රණ්ඩු වලට කැමති නැති කෙනෙක්. සාමාන්‍ය පවුල් වල ලමයි විදිහට මේ වගේ පොහොසත් අය එක්ක පැටලෙන්න යන එක අනවශ්‍ය කරදර ඇඟේ දාගැනීමක්. ඒත් ටේ ජිමින් දෙන්නට එහෙම නොහිතෙන එකයි පුදුමෙ.
කොහොමින් කොහොම හරි හැමෝම මාලිගාව බලන්න යන්න ලෑස්ති වුණා. ඒ අතර ඔවුන්ට ඈතින් පෙනුනේ ප්‍රොෆෙසර් මින්ගෙ ස්ටුඩන්ට්ස්ලා ටික තමන්ට රවන ගමන්ම ඔවුන්ව පහු කරගෙන යන විදිහ.
"ඇයි සර් අර හිස්ට්‍රි ලමයි අපිට රව රව යන්නෙ?"
ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් ප්‍රොෆෙසර් ජින් වටපිට බැලුවෙ අහල පහල ප්‍රොෆෙසර් මින් නැහැ කියලා හරියටම තහවුරු කරගන්න.
"මේකනෙ ලමයි.... ඔය මින් සර් ළමයින්ට සිංදු කියන්න දෙන්නෑ එතකොට එයාගෙ නින්දට බාධා වෙනවා කියලා. ඔය ලමයි සිංදු කියද්දි එයාලට ජෙලස් ඇති. පේනවා නේද මං වගේ ගුරුවරයෙක්ගෙ වටිනාකම. ඔහෙලට මගේ අගයක් නෑ."
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!