"ජංගුක්.... තමුන් ගෙදරින් පැනලා ඇවිල්ලා නටන නාඩගම මොකක්ද කියනවා. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද තමුන් ගැන.. ඒ වුණාට තමුන් කරන්නෙ අපිට ලැජ්ජ කරන එක විතරයි."
ජංගුක් හිටියෙ ඔහුගේ ගෙදර. කැලෑව ලඟදි ඔවුන්ව අහු වුනාට පස්සෙ ජිමින් ජංගුක් දෙන්නටම අකමැත්තෙන් වුනත් ඔවුන් එක්ක යන්න සිද්ධ වුණා. මේ වගේ වෙලාවක මුරණ්ඩු තීරණයක් ගන්න එක හොඳ දෙයක් නොවෙන නිසා ඔවුන් කලබල නොකර හිටියත් පොලිසිය අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර ඔවුන්ට තිබුණෙ නැහැ. ජංගුක් නම් ගෙදර ආපු වෙලාවෙ ඉඳන් එයාගෙ අප්පාගෙන් බැනුම් ඇහුවා.
මේ අතර ජිමින් හිටියෙ ඔහුව එක්කගෙන යන්න හෝසෝක් එනකම් බලාගෙන. මේ වෙලාවෙ ජිමින්ව තනියම ගෙදරින් එලියට යවන්න පොලිසියෙන් අවසර ලැබුණෙ නැත්තෙ තාමත් ප්‍රශ්න කිරීම් වල ඉවරයක් නොතිබුණ නිසයි. මේ වෙලාවෙ ජිමින් ලඟට ලං වුනේ ජංගුක්ගෙ ඥාති සහෝදරිය.
"මේ ඔයාද අපේ කුක්කා ඔප්පගෙ බෝයි ෆ්‍රෙන්ඩ්? වාව්... ඔය දෙන්නා මාර මැචින් කපල් එකක් අනේ. ඔයා බොටම්ද....... නැත්තං අර කුක්කද දන්නෑ නේද? මොනවා වුනත් මං ෆුල් සප් එක දෙනවා."
"යාආආආ.... කුක්කාආආ.... තමුන්ගෙ නංගිට කට වහගෙන ඉන්න කියනවා මං දත් ටික බඩට යවන්න කලින්."
ජිමින් කිව්වෙ හයියෙන් කෑගහන ගමන්. ඇත්තටම ඔහුගේ ඔලුව මේ වෙනකොට කම්මලක් වගේ වෙලා තිබුණෙ. එක අතකට ඔවුන්ව අහුවුන නිසා ජිමින් බයෙන් හිටියා වගේම ටේහ්යොන්ග්ට වුන දෙයක් ගැන නොදන්න නිසා ඔහු හිටියෙ ගොඩක් කලබලෙන්. ඒ වගේ වෙලාවක විකාර කියවන එක ගැන ජිමින්ට තරහා ගිය එකේ වැරැද්දකුත් නැහැ.
මෙච්චර වෙලා පඩිපෙලේ ඉඳගෙන අප්පා කියන හැමදෙයක්ම අහගෙන හිටපු ජංගුක් වුනත් තරහින් නැගිට්ටෙ එයාටත් මේ දේවල් හොඳටම එපා වෙලා තිබුණ නිසා. පිට ඉන්න අයට ඒ දේවල් විහිළුවක් වගේ වුනත් දැනටමත් ජීවිත දෙකක් අනතුරේ වැටුණු වෙලාවෙ සාමාන්‍ය විදිහට ඉන්න ඔවුන්ට බැහැ.
"යාආආආ..... අපි දෙන්නා අතර මොකුත් සම්බන්ධයක් නැහැ අප්පා. ආයෙත් මේ වගේ විකාර මේ මිනිස්සුන්ගෙ ඔලුවට දාලා තිබුණොත් මං තමුන්ගෙ දත් ටික ගලවනවා සෝයා.... මට සම්බන්ධයක් තියෙනවා තමයි... මං එයාට ආදරේ කරන එකත් ඇත්ත. ඒ මගේ පණ, මගේ ජීවිතේ... මං ෂියානාට ගොඩක් ආදරෙයි... මට එයාව ඕනෙ එච්චරයි."
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!