Chapter 5

389 94 54
                                    

ලයිබ්‍රි එකට යන්න හිතාගෙන උදෙන්ම යුනිවර්සිටි එකට ආපු ස්වානා දැක්කෙ ලමයි හැමෝම යුනිවර්සිටි එකේ ගාඩ්න් එකේ තැනක වටවෙලා ඉන්න හැටි. බැලූ බැල්මටම මොකක් හරි දෙයක් දිහා බලාගෙන ඉන්නවා වගේ. උදේ නිසාම ගුරුවරුත් නැති වෙද්දි ස්වානාත් ඒ දිහාවට ගියේ කුතුහලයක් එක්ක.

"අර කෙල්ල තාමත් අර ඩ්‍රාමා එක කරනවද?"

"ඊයෙ ඇඳුමමයි තාම. ඇයි මෙහෙම රජ කාලෙ විදිහට ඇඳගෙන ඉන්නෙ?"

"වෙන මොකටද අනේ කුකී ඔප්පගෙ අවධානෙ ගන්න වෙන්න ඇති."

"ඒත් ඉතින් කුකී ඔප්පා කැමති හොට් ගර්ල්ස්ලට විතරයි. අපේ හීෂා වගේ....."

ගෑනු ලමයින්ගෙ කතා මැද්දෙන් ස්වානා ඉස්සරහට ගියා. කෙල්ල දැක්කෙ ෂියානාව, ඇය කලින් තැනම බිම ඉඳගෙන භාවනා කරන ගමන් හිටියෙ. අවට වටපිටාව කොයිතරම් ඝෝෂාකාරී වුනත් ෂියානා සන්සුන්ව භාවනා කරනවා. අනිත් ළමයින්ට ඒක විකාරයක් වගේ වුනත් ස්වානාට නම් ඒ දර්ශනය හිතට පහසුවක් ගෙනාවා.

ටික වෙලාවකින් පස්සෙ ෂියානා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටෙ ලොකු හුස්මක් ඉහලට ගන්න ගමන්. ඇයගෙ මුහුණ සතුටින් පිරිලා තිබුණා.

"හ්ම්..... ඔහුගේ සුවඳ පෙර සේමයි..... ඔහු පැමිණෙනවා."

ෂියානා ඉක්මනින්ම ඉස්සරහට ගියේ ඈතින් ජංගුක් එන විදිහ ඇයට වගේම අනිත් අයටත් පෙනෙද්දි. ඇය කොල්ලගෙ අතින් අල්ලගත්තේ කලින් වගේම ආදරෙන්.

"ජංගුක්..... ඔබ තවමත් ඔහුමයි. මාව බලහත්කාරයෙන් රැගෙන යාමට වුවමනාවක් නැතිද මෙවර?"

"ඔයාට පිස්සුද ආආ? මොන විකාරයක්ද මේ කියවන්නෙ? මම ඔයාව දන්නෙත් නෑ දැකලත් නෑ දැනගන්න වුවමනාවකුත් නෑ."

ජංගුක් කිව්වෙ කෙල්ලගෙ අත ගසලා දාලා ඉස්සරහට යන ගමන්. ඒත් කෙල්ල ආයෙමත් හිනා වුණා. කොල්ලා ගැන තියෙන ආදරය නිසාම.

"ජංගුක්..... මම ඔබගේ පෙර ආත්මයේ පෙම්වතිය. ඔබට මතකද ඔබ මා වෙනුවෙන් නිර්මාණය කල මාලිගාව. නුඹ අපගේ මන්දිරය ආක්‍රමණය කර මාව රැගෙන ආවා."

ෂියානා එකදිගටම කියාගෙන යද්දි ජංගුක් කෙල්ලව ඈතට තල්ලු කරා. ෂියානාගේ කම්මුල් දිගේ කඳුළු පහලට වැටෙද්දි පවා කෙල්ල වේදනාව හංග ගත්තා. ඒත් කොල්ලා එකපාරක් වත් තමන්ගෙ දිහා නොබලා හීෂාව තුරුළු කරගනිද්දි ෂියානාට රිදුනෙ නැහැ කිව්වොත් ඒක බොරුවක්. මේ සේරම දිහා බලාගෙන හිටපු අනිත් ලමයි කෙල්ලව නොසලකා හරිමින් සමච්චල් සහගත විදිහට හිනාවෙන ගමන්ම එතනින් යද්දි ෂියානා තවමත් හිටියෙ සන්සුන්ව හිනාවෙන ගමන්.

Until We Meet || JJK ✓Where stories live. Discover now