"කියන්නකො ස්වානා.... ඔයාව අයිතියි කිව්වෙ කාටද?"
"මං දන්නෑ ටේ.... මට එහෙම දෙයක් ගැන මතකයක් නෑ."
"ඒත් ෂියානා කිව්වනෙ ඔයා ඒ ගැන දන්නවා කියලා."
"මම කොච්චර කල්පනා කලත් මට එහෙම කිසි කෙනෙක්ව මතකෙට එන්නෑ. මං ඒ දවස්වල දන්න එකම කොල්ලො දෙන්නා ඔයයි ජිමිනුයි විතරයි. ඒකෙනුත් මං කලින් ආත්මෙදි ජංගුක් එක්ක කතා කරලා නෑ."
ස්වානා සහ ටේහ්යොන්ග් හිටියෙ විශ්ව විද්‍යාලයට වෙලා එහි පිටත උද්‍යානයේ පඩිපෙලෙන් වාඩි වෙලා. නිවාඩු දවසක් නිසා සිසුන් දෙතුන් දෙනෙක් ඇරෙන්න වැඩි පිරිසක් හිටියෙ නැහැ. ස්වානා ඇගේ පෙර ආත්මය වගේම ෂියානා ගැන මතක් කර කර දුක් වෙන නිසා ටේහ්යොන්ග් ජිමින් දෙදෙනා නිවාඩු දවසට පවා ඇය සමඟ කාලය ගත කරන්න පටන් ගත්තා.
ෂියානා නික්ම ගිහින් දැනට දින තුනක් වුනත් ඔවුන් තවමත් සිටියේ දුකින්. එක අතකින් තමන්ගේ පරණ මතක ස්වානාගේ ඔලුවට බරක් වුණා. කලින් ආත්මයේදි වුන දේවල් එක්ක ඇයට ජංගුක් එක්ක තිබුණෙ ලොකු තරහක්. ජංගුක් නිසා කලින් ආත්මෙදි ෂියානා වගේම අනිත් හැමෝම කරදරේ වැටුණු බව ඇයගේ තරහව තවත් වැඩි කලා. ඒ අතර ටේහ්යොන්ග්ට වුවමනා වුණේ ඔහුගේ පෙර ආත්මය ගැන වැඩි වැඩියෙන් දැනගන්න.
"ස්වානා..... ඔයා කලින් කිව්වා වගේ ඔයා එලියට ගිහාම පිච්චුනේ නැත්තෙ ඇයි? ඔයා ෂියානාව හොයන්න ගියා කියලා කිව්වනෙ?"
"ඔව් ටේ.... ජොන්හ්වන් රජතුමා ෂියානාව අරගෙන ගිහින් මාස තුනකට පස්සෙ මම එයාව හොයාගෙන වන්හ්යොන් රාජධානියට යන්න තීරණය කලා. ඒත් ඒ තීරණය ගන්න තැනට මාව පත් කලේ වෙන කෙනෙක්."
Flashback - Past life
"කුමරියනි..... කුමරියනි.... ඔබ සිටිනවාද? මම දන්නවා ඔබ සිටින බව. කරුණාකර පිටතට පැමිණෙන්න."
චන්ග්නොම් කඳු මුදුනේ පිහිටි දේවතාවියන් වාසය කල මාලිගාවට පැමිණි තරුණයෙක් කතා කලේ ස්වානාට. ඔහු කිහිපවරක්ම මාලිගාව අසලට පැමිණ ඇයට කතා කලත් ඇය කිසිදිනෙක ඔහු හමුවීමට ගියේ නැහැ.
ෂියානා දේවතාවිය පැහැරගෙන ගොස් මාස තුනක් ගතවන විට ඒ මුළු කාලය පුරාම ස්වානා ගත කලේ පුද පූජා පවත්වමින් භාවනායෝගී දිවියක්. නමුත් ඇගේ පූජා කටයුතු වලට නිතරම බාධාවක් වුණේ මේ තරුණයා. මාස තුනක් යනතුරු ඔහුගේ කරදර වල අඩුවක් නම් තිබුණෙ නැහැ.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!