"ඒ කියන්නෙ දැන් මගේ අහිංසක කොල්ලා කෙල්ලෙක් එක්ක පැනලා ගියා කියලද ආආ?"
"මං කියන දේ අහන්නකො මිස්ටර් කිම්. ජින්ෂි කියන විදිහට ටේහ්යොන්ග් ස්වානා දෙන්නා යුනිවර්සිටි එකේදිත් එකටමයි ඉන්නෙ. එතකොට දැන් මිසිස් මින් කියපු විදිහට ටේහ්යොන්ග් දවස් කිහිපයක්ම එහෙ ඇවිල්ලත් තියෙනවා."
"දෙයියනේ මගේ අසරණ වලස් පැටියෙක් වගේ ඉන්න කොල්ලා මොකටද කෙල්ලෙක් එක්ක පැනලා යන්නෙ? අනික මගේ කොල්ලට තාම බත් කවන්නෙත් මම දෙයියනේ."
"කලබල වෙන්න එපා මිසිස් කිම්... අපි මේ ගැන හොයනවනෙ."
පහුවෙනිදා උදේ පාන්දරම හැමෝගෙම ගෙවල් වල ඇති වුනේ ලොකු කලබලයක්. එකපාරටම ලමයි හතරදෙනෙක් අතුරුදහන් වීමත් එක්ක පොලිසියට ආපු ඔවුන්ට කියන්න තිබුණෙ විවිධ විවිධ හේතු. මිස්ටර් කිම් වගේම මිසිස් කිම්, එහෙම නැත්නම් ටේහ්යොන්ග්ගෙ දෙමව්පියො හිටියෙ තමන්ගෙ දරුවා එහෙම කාත් එක්කවත් පැනලා යන්නෙ නැහැ කියන තත්ත්වයක. ඒත් එක්කම ජින්ව පොලිසියට ගෙන්නලා තිබුණෙ අතුරුදහන් වුන අයව අන්තිමට හම්බුනේ ඔහු නිසා.
"ජංගුක් ගැන තොරතුරක් හොයාගත්තද ඔෆිසර්?"
ජංගුක්ගෙ අප්පා මිස්ටර් ජොන් පොලිසියට ආවෙ ඒ වෙලාවෙ. ඔහු නම් හිටියෙ ගොඩක් කේන්තියෙන් වගේම ජංගුක් ආශ්රය කරපු අනිත් අය එක්ක තරහින්. මොකද ඔහු මේ වෙනකොට දැනගෙන හිටියා ජංගුක් ගෙදරින් පැනලා ගියේ ජිමින් එක්ක කියලා.
"අපිට තාම එහෙම මොකුත් හොයාගන්න බැරි වුනා මිස්ටර් ජොන්... ඒත් කලබල නොවී ඉන්න."
"හහ්.... මං කලබල නොවී ඉන්නෙ කොහොමද? මගේ කොල්ලා තව කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. ජංගුක් ලබන සතියෙ බඳින්න හිටියෙ. දැන් ඒ කොල්ලගෙ ගෙදරින් ආවද?"
"තාම නැහැ... ඒත් අපි ගෙදරට දන්වලා තියෙන්නෙ."
පොලිස් ඔෆිසර් කිව්වට පස්සෙ මිස්ටර් ජොන් අනිත් අය වගේම පුටුවකින් වාඩි වුණා. ටේහ්යොන්ග්ගෙ අම්මා හිටියෙ තාමත් අඬන ගමන්. ඒත් එක්කම පොලිසිය දෙදරන්න කෑගහගෙන ඇතුලට පැන්නෙ හෝසෝක්.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!