යොන්හාගේ මිතුරිය නිවසින් පිටව ගිහින් දෙවැනි දවසත් උදා වුණා. කොයිතරම් ශාරීරික වගේම මානසික වෙහෙසක් තිබුණත් ඔවුන් කිසිවෙකුටත් නිදාගන්න පුලුවන් තත්වයක් තිබුණේ නැහැ. ජිමින් නම් දිගටම හිටියෙ තරුණියව තමන්ගේ පපුවට තුරුළු කරගෙන. ඇය විටින් විට ඔහුගේ උණුහුමට තව තවත් හරිබරි ගැහෙමින් නිදාගත්තත් ඇයගේ අසනීප තත්වයේ අඩුවක් තිබුණෙ නැහැ.
"දැන් එයාගෙ තත්වය කොහොමද ස්වානා?"
"තොල් වේලිලා නිසා මං වතුර ටිකක් දුන්නා ටේ. ඒත් එයාගෙ යාලුවා එනකම් කරන්න දෙයක් හිතාගන්න බෑ."
ස්වානා කිව්වෙ ටේහ්යොන්ග් ලඟින් බිම ඉඳගන්න ගමන්. මේ වෙලාවෙ ජංගුක් හිටියෙ බිත්තියට ඔලුව තියාගෙන කල්පනා කරන ගමන්. ජිමින්ගෙ තුරුලෙ ඉන්න යොන්හාව දැක්කම ඔහුට මතක් වුනේ ෂියානාව. මීට පෙර ආත්මයේදී ෂියානාගේ කුටියේ ඔහු ගත කළ රාත්‍රියක් ඔහුට මතක් වුනා.
Flashback - Past life
"කුමරුණි.... ඔබතුමා මේ රාත්‍රියේ මෙහි කුමක්ද කරන්නේ?"
ෂියානා ඇසුවේ මධ්‍යම රාත්‍රීයේදී සිය කුටිය අසලට පැමිණි සිනහවෙන් ඇය දෙස බලා සිටින ජොන්හ්වන් අධිරජුගෙන්. ඉතාමත් වෙහෙසකර දවසක් ඔහු ගත කර ඇති බව ඔහුගේ දෑස් වලින් මනාව පිළිබිඹු වුනා. නමුත් කුමන තත්වයක් යටතේ වුනත් ඔහුගේ හදවතට සහනයක් ලබා දිය හැකි වුනේ ඇයටම පමණයි. ඒ නිසාවෙනුයි ඔහු අදත් එහි පැමිණියේ.
"මට ටිකක් වෙහෙසයි ෂියානා.... අද රාත්‍රිය ඔබ අසලින් ගත කල හැකිද? මා දිව්රනවා ඔබ වෙත අනිසි ලෙස ලං නොවන බවට."
"දිව්රීමක් අවශ්‍ය නැහැ කුමරුණි... පැමිණෙන්න."
මඳ වෙලාවකින් පසු ඔහු සිටියේ කුමරියගේ සයනය මත හිඳගෙන. ෂියානාව සිය පපුවට තුරුළු කරගෙන සෙමින් දෑස් පියාගත් ඔහුට දැනුණේ සැනසීමක්. ඔහුගේ වෙහෙසකාරී දවසට සමුදෙමින් ඔහුට කල හැකි එකම දෙය වුනේ ෂියානාව සිය තුරුලට ගැනීම පමණයි. ඇයත් කිසිදිනෙක ඔහුගේ අහිංසක ඉල්ලීමට විරුද්ධ නොවුනේ ඔහුගේ හැඟීම් පිළිබඳ හොඳින්ම වටහා ගත් එකම තැනැත්තිය ඇය බව හඟවමින්.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!