"අතන මොකක්ද දන්නෑ වෙන්නෙ?"
ජිමින් ඇහුවෙ තරුණියන් ගොඩක් වටවෙලා ඉන්න දිහා බලාගෙන. ඉස්සර ඉඳන්ම ඔහු ඒ වගේ දේවල් ගැන ටිකක් වැඩිපුර උනන්දුවක් දැක්වුව කෙනෙක්. ඒ නිසයි අනිත් අය මොකුත් කියන්නත් කලින්ම ඔහු එතනට ගියේ.
එතන හරියට මොකක් හරි තරඟයක් තියනවා වගේ පේන්න තිබුණා. එක් හැඩිදැඩි මැදි වියේ තරුණයෙක් මල්ලවපොර ක්රීඩාවේ නිරත වෙමින් සිටි අතර අනෙකුත් සියලු දෙනාම ඔහුට ඔල්වරසන් හඬ නඟන්න පටන් ගත්තා. අපේ කට්ටියත් එතනට ගියේ ඔවුන්ට තරමක් අලුත් මේ අත්දැකීම ලබා ගැනීමටයි.
"වාව්.... මං ටයිකොන්ඩෝ කරලා තියෙනවා... ඒත් මේකත් නියමයි."
ජංගුක් කිව්වෙ රවුමේ ඉදිරියෙන්ම හිටගන්න ගමන්. ඒ වෙනකොට සෙනඟ අතරින් රිංගලා ඉදිරියට ආපු අනිත් තිදෙනාත් ඒ දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා. තරුණයන් තිදෙනාට නම් මෙය හොඳ අත්දැකීමක් ලෙස පෙනුනත් ස්වානා නම් එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.
"ඒක නෙවෙයි ස්වානා.... ඔයා කැමති නැද්ද මාත් ඔය වගේ සටන් කරන්න යනවට?"
ටේහ්යොන්ග් ඇහුවෙ ඔහුගේ පපුව ඉස්සරහට කරමින් ගාම්භීර පෙනුමක් මවාගෙන. නමුත් ස්වානාට නම් එවැනි බලාපොරොත්තුවක් නැති බවයි පෙනුණේ.
"මං කැමති නෑ ගහගන්නවට. මම කැමති සාමකාමීව ජීවත් වෙන්න. මං ආස නෑ රණ්ඩු වලට මැදිහත් වෙන්න."
"ඒත් අනේ.... නිකමට හිතලා බලන්නකො? ඔයාගෙ කොල්ලා ඔයා වෙනුවෙන් තව කොල්ලෙක් එක්ක ගහගන්නවා. ඉතින් ඔයාට කොච්චර සතුටු හිතෙන්න ඕනද ඔයා වෙනුවෙන් ගහගන්න එකට."
"හ්ම්.... මම ආස නෑ එහෙම කරනවට. අනික ඔයා කොහොමත් එහෙම කෙනෙක් නෙවෙයි. ඔයා කෙල්ලෙක් වෙනුවෙන් ගහගන්නෑනෙ."
ස්වානා කිව්වෙ හිනාවෙන ගමන්. ඒත් එක්කම ඔවුන්ගේ කතාව අහගෙන හිටපු ජිමින් ලෑස්ති වුණේ ටේහ්යොන්ග්ට විහිළුවක් කරලා ඔහුව ටිකක් අවුස්සන්න.
"හපෝ.... ඒ ඔයා හිතාගෙන ඉන්න හැටි තමයි. මෙයා ඉස්සර කෙල්ලෙක් හින්දා ගහගෙන මාස දෙකක් හොස්පිට්ල් එකෙත් හිටියා."
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!