මීලඟ දවසෙ උදෙන්ම හැමෝම සූදානම් වුණේ තම තමන්ගෙ ගෙවල් වලින් එලියට ඇවිත් ඔවුන්ට කාලය හරහා යන්න අවශ්‍ය කරන දොරටුව ළඟට යන්න. නමුත් ඒක හිතන තරම් ලේසි වැඩක් නොවුනෙ ජිමින්ට ඇරෙන්න අනිත් කාටවත් පහසුවෙන් ගෙදරින් එලියට එන්න බැරි වෙන නිසා.
ජිමින් නම් ඔහුගේ සහෝදරයා නිදි අතරෙ හොරෙන්ම ගෙදරින් එලියට ආවත් ඔහුට සිද්ධ වුණා ටේහ්‍යොන්ග් ගෙදරින් එලියට එනකම් පාර අයිනට වෙලා ඉඳගෙන ඉන්න. නමුත් මේ දේවල් වලට ඔහු කැමති වුණේ නම් නැහැ.
"ෂික්.... මේකාට එන්න කිව්වෙ කීයටද? දැන් වෙලාව කීයද? ටේ බබා තාම ඔම්මට කියලා බත් කවා ගන්නවද දන්නෑ?"
පාරෙ තියෙන ගල් වලටත් පයින් ගහන ගමන් ජිමින් පාරෙ එහෙට මෙහෙට ගියේ ටේහ්‍යොන්ග්ට බනින ගමන්මයි. තවත් මොහොතකින් එතනට ආවෙ ටේහ්‍යොන්ග්. කොල්ලා දාඩියත් පෙරාගෙන බය වුන මූණක් හදාගෙන ඉන්නකොට ජිමින් පවා බය වුණා.
"මොකද ටේ මේ මහසෝනා දැකලා වගේ? මොකක්ද වුනේ?"
"හහ්..... මං ජනේලෙන් පැන්නෙ.... පනිනකොටම අප්පා දැක්කා. වෙලාවට අප්පා මාව දැක්කෙ නෑ. මං ඉතින් දුවගෙන ආවා. ඉක්මනට මෙතනින් මාරු වෙමු."
ටේහ්‍යොන්ග් කියනවත් එක්කම ජිමිනුත් ඔහු එක්ක ඔවුන්ගේ ගෙදර පහු කරලා දුවන්න පටන් ගත්තෙ මේ ගමන හැමෝම යන්නෙ ගෙවල් වලට හොරෙන් නිසා. කොහොමත් ගමන ගැන පැහැදිලි කරලා ඒකට අවසර ගන්න බලන් ඉන්නවට වඩා මෙහෙම එකපාරටම අතුරුදහන් වෙන එක හොඳයි කියලා හැමෝටම හිතුනා.
මේ දේවල් ගැන පුංචි හරි සහනයක් තිබුණෙ ජිමින්ට විතරයි. කොල්ලා ඉස්සර ඉඳන්ම වැඩි කාලයක් ගෙදර ඉන්නෙ නැති නිසා හෝසෝක් ඔහු ගැන ඒතරම් හොයන්න උත්සාහ කලේ නැහැ. ඒත් ජංගුක් ටේහ්‍යොන්ග් වගේම ස්වානා තුන්දෙනාගෙ ගෙවල් වලින් නිතරම ඔවුන්ගෙ පසුපසින් හිටපු නිසා වැඩේ ලේසි වුනේ නැහැ.
"ජංගුක් එයි යුනි එක ගාවට... ටේ උඹ ගිහින් ස්වානාව එක්කන් වරෙන්. මාත් ඒ අතරෙ යුනි එක ගාවට යන්නම්."
ටේහ්යොන්ග්ගෙ ගෙදරට තියෙන ප්‍රධාන පාර ලඟදි දෙපැත්තට බෙදිලා ගිය ඔවුන් තම තමන්ට යන්න තිබුණු තැන් වලට යන්න පටන් ගත්තා. මේ අතරෙ ජංගුක් හිටියෙ ඔහුගේ බෑගයත් අරගෙන කාමරෙන් එලියට එන ගමන්. ඒත් දැන් තමයි ඔහුගෙ ප්‍රශ්න පටන් ගන්නෙ කියලා ඔහුට තේරුණා.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!