"දැන් අපි මොකද කරන්නෙ? මෙහෙම කැලෑවෙ ඉඳගෙන ඉන්න බෑනෙ."
"ආයෙත් දොරටුව විවෘත වෙන්න දවස් තුනක් වත් යයි. ඒ වෙනකම් අපි ඉන්න තැනක් හොයාගන්න ඕන."
ජංගුක් කිව්වෙ ගල් තලාවෙ දිගා වෙන ගමන්. ඔවුන් හතරදෙනාම තාම හිටියෙ දොරටුව විවෘත වුන තැන කැලෑවට වෙලා. මේ වෙනකොට ස්වානාගේ කට ගැටගහලා තිබුණා වගේම ටේහ්යොන්ග් ඇයව තදින් අල්ලගෙන හිටියෙ ස්වානා හැමවෙලේම කලහකාරී ලෙස හැසිරෙන්න ගත්ත නිසා. ඒ වගේම ඔවුන්ට නවතින තැන ගැනත් ප්‍රශ්නයක් තිබුණා.
"අපි කොහෙද ඉන්නෙ?"
"අපිට ගෙවල් වලට යන්න බෑනෙ ජිමින්. ඔයාගෙ ගෙදර හරියන්නෙ නැද්ද?"
ජංගුක් ඇහුවෙ ජිමින්ගෙ ගෙදර නිදහස් තැනක් වෙයි කියලා ඔහුට හිතුන නිසා. නමුත් ජිමින්ට නම් ඒක හොඳ තීරණයක් වගේ පෙනුණෙ නැහැ.
"හපෝ.... හ්යොන්ග් ඉන්නවා ගෙදර. අනික එයාට මේවා පැහැදිලි කරනවට වඩා හොඳයි ඔලුව ගලක ගහගන්නවා."
"එහෙනම් අපි අපේ හැල්මොනීගෙ පරණ කඩේ ඉමු."
ටේහ්යොන්ග් කියද්දි අනිත් අයටත් ඒකට එකඟවෙන්න වුනේ වෙන කරන්න දෙයක් නැති නිසාමයි. ටේහ්යොන්ග්ගෙ හැල්මොනීගෙ පරණ කඩේ තිබුණෙ ජිමින්ගෙ ගෙදරට ආසන්නයෙන්ම යි. ඒ තැන මීට අවුරුදු පහකට විතර කලින් අත්හැරලා දාලා තිබුණ නිසා එතන තරමක අත්භූත ගතියක් පේන්න තිබුණා.
ටේහ්යොන්ග් තමන්ගෙ අත් අතරට වෙලා තාමත් රවන ස්වානා දිහා බලාගෙන හිටියෙ මූනත් ඇඹුල් කරගෙන. අනිත් දෙන්නා කඩේ ටිකක් පිරිසිදු කරනකම් ඔවුන් එලියට වෙලා හිටියා. ස්වානා තමන්ගෙ මූණවත් නොබලන එකට ටේහ්යොන්ග්ගෙ හිත හොඳටම රිදිලයි තිබුණෙ.
"ස්වානා..... ඇයි ඔයා මාත් එක්ක තරහින් ඉන්නෙ? මං ඔයාව බේරගත්තනෙ අර නාකියාගෙන්."
ටේහ්යොන්ග් ස්වානාව ලං කරගන්න ගමන් කියනකොට ඇය ඔහුට ගස්සලා අහක බලාගත්තා. මේ අතර ජංගුක් සහ ජිමින් ඇතුල පිරිසිදු කරලා තිබුණ නිසා ඔවුන් දෙදෙනාත් ඇතුලට ගියා. කඩේ ඇතුළෙ බඩු මොකුත් නොතිබුණ නිසා හැමෝටම ඉන්න වුනේ බිම.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!