"දැන් ඔය කියන විදිහට අර කුක්කා රජෙක්ද?"
"ඒක තමයි ඇත්ත ජිමින්. එයා ගිය ආත්මෙ රජ කෙනෙක්."
මඳ වෙලාවක් මුහුණට මුහුණ බලාගෙන හිටපු ටේහ්යොන්ග් ජිමින් දෙන්නා මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තෙ ස්වානා ෂියානා දෙන්නව පුදුමයට පත් කරමින්. ඇත්තටම මේ කියන දේවල් ඇත්ත නෙවෙයි කියලාමයි ඔවුන්ට හිතුනෙ.
"හහ්.... හහ්.... හාආ.... හම්මෝ මට බෑ. ඔයාලා මේ කියන්නෙ අර උද්දච්ච හාවා රජෙක් කියලද? මේ නංගි නම් දෙවි කෙනෙක් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වුණාට අර හා තඩියා..... හම්මෝ.... විහිලු කරන්න එපා ස්වානා."
ජිමින් බිම පෙරළි පෙරළි හිනාවෙන කොට ටේහ්යොන්ග් බලාගෙන හිටියෙ ස්වානාගේ මූණ දිහා. එයා කියන දේ පිළිගන්නෙ නැති කොට ඇගේ මුහුණ දුකින් පිරිලා තිබුණා. ඇය දුකින් ඉන්නවා බලාගෙන ඉන්න බැරි නිසාම ඔහු තවමත් බිම පුරා පෙරලෙන ජිමින්ගෙ පස්සට පාරක් ගැහුවා.
"ඔය හැක හැකේ නවත්තලා කියන දේ මුලින් අහගෙන ඉමු ජිමිනා."
"උඹට මොනවා වෙලාද මන්දා ටේහ්යොන්ග්?"
ටේහ්යොන්ග්ටත් රව රව ජිමින් ආයෙත් හිටපු තැනින් ඉඳගත්තා. මොන දේ වුණත් අලුතෙන් ආපු කෙල්ල ඉස්සරහා එයාගෙ චරිතෙ විනාස කරගන්න ජිමින්ට ඕන වුණේ නැහැ. ඒත් එක්කම ස්වානා නැවතත් කතාව පටන් ගත්තා.
"මේක අහන්න ජිමින්.... මං බොරු නෙවෙයි කියන්නෙ. මට හිතෙනවා ෂියානා කියන්නෙ ඇත්ත කියලා. ඒත් මං කොහොමද ඒක ඔයාලට පැහැදිලි කරන්නෙ?"
"අහන්නකො ස්වානා.... අපිට ඔයාව විශ්වාස නැතුව නෙවෙයි. ඒත් එකපාරටම පෙර ආත්ම කතාවක් කිව්වම අපි කොහොමද ඒක පිලිගන්නෙ? ඒක... ඒක වෙන්න පුළුවන් දෙයක්ද? අමරණීය දේවතාවියක් මෙහෙ ඉන්න එක."
"මට පුළුවන් ඔබට සාක්ෂි ලබාදෙන්න ටේහ්යොන්ග්. ඔබ සූදානම්ද?"
ෂියානා විමසන විට ටේහ්යොන්ග් ටිකක් කල්පනා කලා. අවසානයේ ඔහු තීරණය කලා ඇත්ත දැනගන්න. මොන දේ වුණත් තමන්ගෙ පෙර ආත්මෙ ගැන දැනගන්න කවුද අකමැති. ටේහ්යොන්ග් වුනත් මේ අමුතු දේවල් වලට කැමති වුණා.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!