Chapter 28

290 69 50
                                    

"මේ ටික කන්න ස්වානා.... කෝ කට අරින්න."

"මා වරක් පැවසුවානෙ මට ආහාර අනවශ්‍යයි. මා හට නැවත ඔහු වෙත යාමට අවශ්‍යයි."

ටේහ්යොන්ග් උත්සාහ කලේ ස්වානාට කොහොම හරි කෑම ටිකක් කවාගන්න. ඒත් ඔහු හිතන තරම් ඒක ලේසි වුනේ නැහැ. ස්වානා කවදාවත් නොහිතපු තරම් මුරණ්ඩු කෙනෙක් වෙලා. රාම්යොන් කප් එකත් අතේ තියාගෙන කෙල්ලට ආදරෙන් කෑම ටික කවාගන්න උත්සාහ කලත් ඇය ආපහු යන්න ඕනෙ කියනකොට ඔහුට ඇති වුනේ තරහක් වගේම දුකක්.

"යාආආ...... ඇයි තමුන් අර නාකියට ඔච්චර ආදරේ ආආආ? මොකක්ද ඒ මිනිහගෙ තියෙන මට නැති දේ?"

කවදාවත් නැති තරම් සැරෙන් කතා කරන ටේහ්යොන්ග් දිහා අනිත් දෙන්නත් බලාගෙන හිටියෙ පුදුමෙන්. දෙවෙනි දවස වෙනකොටත් ටේහ්යොන්ග් බලාපොරොත්තු වුන විදිහට ස්වානා සුව නොවීම දැන් හැමෝටම ලොකු ගැටලුවක් වුණා. 

තමන්ගෙ අතේ තිබුණ රාම්යොන් කප් එක පැත්තකින් තියපු ටේහ්යොන්ග් ස්වානාගෙන් ඈත් වෙලා ජනේලෙ ලඟට ගියේ ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගනිද්දි. ඔව්, ඔහුට තරහයි ඒ වගේම දුකයි. ඒත් ඇය වෙන කෙනෙක් ලඟට යන්න බලාගෙන ඉඳිද්දි තමන්ට මෙච්චර දුකක් දැනෙන්නෙ ඇයි කියලාවත් ඔහුට තවම තේරෙන්නෙ නැහැ.

"ටේ..... එයාට තාම හොඳ නැති නිසානෙ එහෙම හැසිරෙන්නෙ. ප්ලීස් උඹ වැටෙන්න එපා."

ජිමින් කිව්වෙ ටේහ්යොන්ග්ගෙ පිටට තට්ටු කරන ගමන්. ඔහුට ටේහ්යොන්ග්ගෙ තත්වය හොඳින්ම වැටහුනා.

"ඒත් ජිමිනා එයාට ඔච්චරටම යන්න ඕන නම් යන්න කියන්න. මොකද මට එයාව බලෙන් තියාගන්න වුවමනාවක් නෑ. ඇයි එයා මෙහෙම කරන්නෙ මට?"

"ෂ්ෂ්.... සන්සුන් වෙන්න ටේ.... කලබල වෙන්න එපා."

ටේහ්යොන්ග් ජිමින්ගෙ වචන වලට ටිකක් සන්සුන් වෙද්දි ඔහු අත මිට මොලවලා බිත්තියට තදින් පහරක් ගැහුවෙ එතනින් හරි තමන්ගෙ තරහා පිට කරන්න ඕන වුණ නිසා. මේ අතර ජංගුක් ස්වානා ලඟට ලං වුනේ මේ වෙනකොට ස්වානා සුව වෙන්න ඕන කියලා ඔහුට අදහසක් තිබුණ නිසා.

"ස්වානා.... ඔයාගෙ නම මොකක්ද?"

"මම ස්වානා.... කුමක් නිසාද නුඹලා උම්මන්තකයින් ලෙස හැසිරෙන්නේ? මා හට නැවතත් මගේ සැමියා වෙත යා යුතුයි."

Until We Meet || JJK ✓Where stories live. Discover now