Chapter 14

329 80 73
                                    

ස්වානා දිගටම බලාගෙන හිටියෙ හැඟීම් විරහිත දෑස් වලින් යමක් දෙස බලා සිටින ජංගුක් දිහා. ඇත්තටම ඔහුට මේ මොහොතේ දැනෙන දේ තේරුම් ගන්න ඔවුන්ට අපහසු වුනේ නැහැ. 

"ජංගුක්........."

ස්වානා කතා කරද්දි ලාවට හිනාවුන ජංගුක් නැගිටලා ගියේ ඔහුට ඉදිරියෙන් තියෙන ලොකු වීදුරු පෙට්ටිය ලඟට. ඔහුගේ ඇස් වලින් වැටෙන කදුළු වීදුරු පෙට්ටිය දිගේ ගලාගෙන යන්න පටන් ගත්තා. එතන හිටියෙ ෂියානා, ඇය දැනටමත් සදාකාලික නින්දට පිවිසිලා අවසානයි. 

"මෙතන අනිත් අය දැක්කද දන්නෑ?"

ජිමින් ඇහුවෙ ඕනම කෙනෙක්ට මාලිගාව ඇතුලට එන්න පුළුවන් නිසා ෂියානා හිටපු වීදුරු පෙට්ටිය කවුරු හරි දකින්න ඇති කියලා හිතුන නිසා.

"නෑ ජිමින්..... ෂියානා ඉන්න රහසිගත කුටිය අරින්න පුළුවන් ජංගුක්ට විතරයි. අනිත් අය මාලිගාව ඇතුලට ආවත් එයාලට පේන්නෙ කලින් අපි දැකපු සාමාන්‍ය කුටිය විතරයි."

ඔවුන්ගේ කතාව අවසන් වුනාට පස්සෙ තුන්දෙනාම බලාගෙන හිටියෙ ජංගුක් දිහා. වෙනදට එකදිගටම කියවන ඔහු අද නිශ්ශබ්දව ඉකි ගහනවා. ෂියානා නිදාගෙන හිටපු වීදුරු පෙට්ටිය පුරා තමන්ගෙ ඇඟිලි අරගෙන යන ගමන් ඔහු එකදිගටම ඇඬුවා වගේම ගොඩක් පසුතැවිලි වුණා. ටික වෙලාවක් යනකම් තිබුණු නිශ්ශබ්දතාවය නැති කරමින් අවසානයේ ඔහු සිය හඬ අවදි කලා.

"මේ වීදුරු පෙට්ටිය අරින්න බැරිද ස්වානා..... මට මගේ මැණිකව තුරුල් කරගන්න ඕන. මම ආයෙ ආවා කියලා දැනගත්තම මගේ මැණික නැගිටියි."

"අපිට එහෙම කරන්න බැහැ ජංගුක්. එයාගෙ ශරීරය දිගටම පවතින්න ඕන නිසයි මෙහෙම වීදුරු පෙට්ටියක් ඇතුළෙ තියෙන්නෙ. අපි පෙට්ටිය ඇරියොත් එයා නැති වෙලා යයි."

ස්වානා කියනවත් එක්කම ජංගුක් වීදුරු පෙට්ටිය දිගේ පහලට රූටලා ඇවිත් බිමින් වාඩි වුණේ මූණ අත් දෙකෙන් වහගන්න ගමන්මයි. ටේහ්යොන්ග් ඔහු ලඟින් ඉඳගෙන ඔහුව සනසන්න උත්සාහ කලේ ආදරේ අහිමි වීම ගැන ඔහුට වගේම අවධානමක් දැන් තමන්ටත් තියෙන නිසාමයි. ටේහ්යොන්ග්ට හොඳින්ම තේරුණා ඒ වේදනාව ගැන.

Until We Meet || JJK ✓Where stories live. Discover now