Chapter 30

282 69 71
                                    

"අපි දෙන්නටම මේක ඇතුලට එන්න පුළුවන් වුනාට එලියට යන්න පුළුවන් එක් කෙනෙක්ට විතරයි."

"ඒ කියන්නෙ ස්වානා ඔයාට මෙතනින් යන්න වෙනවා."

ටේහ්යොන්ග් කිව්වෙ ඉඳගෙන හිටපු තැනින් නැගිටින ගමන්. ඔහු ආශ්‍රමය ඇතුලට ආවෙ ස්වානාව මෙතනින් බේරලා යවන්න තීරණය කරන ගමන්. ඔහුට අවශ්‍ය වුණේ නැහැ තමන්ගෙ එකම ආදරය මේ වෙලාවෙ අනතුරේ වැටෙනවා බලන්න. හැබැයි ටේහ්යොන්ග් කොයිතරම් කිව්වත් ස්වානා ඔහුව දාලා යන්න කැමති වුණේ නැහැ.

"මට ඔයාව දාලා යන්න බැහැ ටේ.... මෙතන මොන වගේ තැනක්ද දන්නෑ. ඔයා ආපහු යන්න... මම මෙහෙ නතර වෙන්නම්."

"මේ අහන්නකො මැණික...."

ටේහ්යොන්ග් ස්වානාගෙ කම්මුල් තමන්ගෙ අත් අතරට ගත්තෙ ආදරෙන්. ඔහු කියන්න යන දේ ස්වානාට වුනත් තේරෙනවා.

"අහන්නකො ටේ.... මෙතනින් එලියට යන්න මොකක් හරි ක්‍රමයක් ඇති. අපි ඒක හොයාගමු ම්ම්.... ෂියානාව ආපහු ගෙන්න ගත්තොත් අපිට මේ මායා ආවරණය කඩන්න පුළුවන් වෙයි."

"ඒකනෙ මැණික.... ඔයා මෙහෙන් යන්න. අනිත් අයටත් ඔයාව ඕන මේ වෙලාවෙ. ෂියානාව හොයාගත්තට පස්සෙ මාව බේරගන්න එන්න."

"ඒත් ටේහ්යොන්ග් මං කොහොමද? මට බෑ ඔයාව මෙහෙම අනතුරේ දාන්න.... ප්ලීස්... පලඳනාව අරගෙන ඔයා යන්න."

"අහන්නකො ස්වානා.... මට පලඳනාව ගැන කිසි දැනුමක් නැහැ. අනික කාලය හරහා ගියාට පස්සෙ කරන්න ඕන දේවල් ගැන දන්නෙ ඔයා. හොඳ ළමයා වගේ දැන් යන්න. මම ඉන්නම්."

"හරි එහෙනම්.... මම ඉක්මනටම එනවා ටේ...."

ස්වානාගේ තොල් වලට කෙටි හාදුවක් දුන්න ටේහ්යොන්ග් මායා ආශ්‍රමයේ රැඳෙද්දි ස්වානා එතනින් එලියට ආවෙ ආපහු තමන්ගෙ ලෝකෙට යන්න බලාපොරොත්තුවෙන්. බෑවුම පහලට ඉක්මනින්ම පැමිණිය ඇය ක්ෂණිකව පලඳනාව භාවිතා කරමින් දොරටුව විවෘත කරගත්තෙ මේ ගැටලු සියල්ලම ඉක්මනින් විසඳගන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් සමඟයි.

********************

"ඒක නෙවෙයි ජිමිනා.... ඔහෙලා දෙන්නා මෙච්චර දවස් කොහෙද හිටියෙ? අනිත් එක කොහෙද ටේයි එයාගෙ ස්වෝන් ප්‍රින්සසුයි දෙන්නා?"

Until We Meet || JJK ✓Where stories live. Discover now