"දැන් මං යන්නම ඕනද ස්වානා? ඔම්මා එයාගෙ ටේ බබාව එපා කිව්වොත්? අනික මං දැන් ඔම්මටත් වඩා වයසයිනෙ."
"එහෙම වෙන්නෑ ටේ.... ඔම්මා ඔයා එනකම් බලාගෙන ඇත්තෙ. ගිහින් කතා කරලා එන්න. කොහොමත් අනිත් අය ගිහාම මෙහෙ ඉතුරු වෙන්නෙ අපි විතරනෙ. අපිට එයාලව හොඳින් තියාගන්න වෙනවා."
"හරි එහෙනම් යමුකො."
ටේහ්යොන්ග් ස්වානාගේ අත තදින් අල්ලගෙන ඉස්සරහට ගියා. ඔවුන් දෙදෙනාම සිටියේ ටේහ්යොන්ග්ගෙ ගෙදර ඉස්සරහ. හැමදේම ඉවර වුනාට පස්සෙ නැවතත් තමන්ගෙ ගෙවල් වලට ගිහින් කතා කරන්න තීරණය කළත් ටේ ස්වානා දෙන්නම හිටියෙ බයෙන්. එයාලට තමයි ගෙවල් වලින් ලොකු ආදරයක් වගේම ලොකු විශ්වාසයක් ලැබිලා තිබුණෙ. ඒත් දැන් ඒ කිසිම විශ්වාසයක් ඔවුන් ගැන නැති බවත් දෙදෙනාම දැන සිටියා.
ටේහ්යොන්ග් නිවසට ඇතුල් වන විට එහි දොරටුව විවෘතව තිබුණා. ඒත් එක්කම ඔහු දැක්කෙ සාලෙ මොකක් හරි වැඩක් කරන ගමන් හිටපු තමන්ගෙ ඔම්මව. ඇයව දැකපු ගමන්ම ටේහ්යොන්ග්ගෙ මූණට ලොකු හිනාවක් ආවා. ටික වෙලාවකින් ටේහ්යොන්ග් ස්වානාගෙ අත අතෑරලා තමන්ගෙ ඔම්මා ලඟට දුවගෙන ගියේ කොයිතරම් වයසින් මුහුකුරා ගියත් ඔහු තාමත් පොඩි දරුවෙක් වගේ කියන එක ඔප්පු කරලා.
"ඔම්මාආආආ..... ඔයාගෙ ටේ බබා ආවා. මං ඔම්මා නැතුව ගොඩක් පාලුවෙන් හිටියෙ."
"අනේ.... ටේ බබා... අනේ ඔයාට කරදරයක් නෑ නේද මගෙ පුතේ? ඔයා හොඳින් ඉන්නවා නේද මගෙ දරුවො?"
"මං හොඳින් ඉන්නවා ඔම්මා. අප්පා කොහෙද?"
"අප්පා ඉන්නවා.... ඉන්නකො මම කතා කරන්න. කිම්.... මේ බලන්නකො කව්ද ඇවිත් ඉන්නෙ කියලා."
ටේහ්යොන්ග්ගෙ ඔම්මා කතා කරද්දි පඩිපෙල දිගේ පහලට බැහැලා ආවෙ ඔහුගේ අප්පා. ටේහ්යොන්ග්ව දැක්ක ගමන්ම ඔහුගේ මූණ අඳුරු වුණා. දොර ලඟ හිටපු ස්වානා දිහාත් බලපු ටේහ්යොන්ග්ගෙ අප්පා නැවතත් උඩට යන්න සූදානම් වුණේ ටේහ්යොන්ග් දිහා එක්වරක් වත් නොබලාමයි.
"තමුන් මොකටද මෙහාට ආවෙ ආ? ගිය තැනකටම වෙලා ඉන්නවා. ඔය දොර වහලා දාන්න."
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!