Chapter 4

393 93 60
                                    

ට්‍රිප් එකට පස්සෙ දවසෙ ලමයි හැමෝම ආයෙත් යුනිවර්සිටි එකේ එහෙ මෙහෙ සැරි සරන ගමන් හිටියෙ. ඒ අතර ස්වානා හිටියෙ යුනිවර්සිටි ගාඩ්න් එක ලඟ තිබුන පඩිපෙලෙන් ඉඳගෙන පොතක් කියවන ගමන්. ඒත් වැඩි වෙලාවක් සන්සුන්ව ඒ වැඩේ කරන්න කෙල්ලට පුළුවන් වුණේ නැහැ.

"ස්වානාආආආආ......."

එකපාරටම තමන්ගෙ නම ඇහෙද්දි ස්වානා පිටිපස්සට හැරිලා පඩිපෙලේ ඉහල බලන්න පටන් ගත්තා. කෙල්ල දකින්නෙ විදුලි වේගයෙන් තමන්ගෙ දිහාවට දුවගෙන එන ටේහ්යොන්ග් වගේම කොල්ලට පස්සෙන් දෙන්නගෙම බෑග් උස්සගෙන හෙමින් හෙමින් පඩිපෙල බහින ජිමින්ව. කොල්ලො දෙන්නව දැකපු ගමන්ම කෙල්ලගෙ මූණට ආවෙ හිනාවක්.

"ස්වානා.... අද ජින් සර් ඇවිල්ලා නෑ.... ඒ කියන්නෙ අපිට නිවාඩු යේහ්...."

ටේහ්යොන්ග් කිව්වෙ ස්වානාගෙ ලඟින් ඉඳගන්න ගමන්. ඒත් එක්කම වගේ ඔවුන් ඉන්න තැනට ආපු ජිමින් ස්වානාගේ අනිත් පැත්තෙන් වාඩි වුණේ තමන් අරගෙන ආව ස්පෙෂල් නිව්ස් එක අනිත් අයටත් කියන්න තිබුණු හදිසියත් එක්ක.

"අන්න කට්ටිය ෆැකල්ටි එක ඉස්සරහ එලියෙ කේපොප් ඩාන්සින් කරනවා."

ජිමින් කියද්දි ටේහ්යොන්ග් ඇස් දෙක ලොකු කරගත්තෙ කොල්ලටත් යන්න වුවමනාවක් තිබුණ නිසයි.

"වාව්.... අපිත් යමුකො බලන්න."

"බලන්න විතරක් නෙවෙයි නටන්නත් යමු. මං කොච්චර හොඳ ඩාන්සර් කෙනෙක්ද කියලා දන්නවනෙ."

ජිමින් කිව්වෙ තමන්ගෙ ඇඳුමේ කොලර් එක උස්සන ගමන්. ජිමින් ටේහ්යොන්ග් දෙන්නම ඩාන්සින් වගේම සින්ගින් වලින් ඉහල දස්කම් දක්වපු දෙන්නෙක්. ඒත් සයන්ස් ෆැකල්ටි එකේ ඉගෙන ගනිද්දි ඒ දේවල් වලට වැඩි කාලයක් නොලැබුනත් පුළුවන් හැම වෙලාවකම ඔවුන් විනෝද වුණා.

"යමු ස්වානා.... අද ඔයාගෙ යාලුවො දෙන්නගෙ වැඩ බලාගන්නකො."

ටේහ්යොන්ග් ස්වානාගේ අතින් අල්ලගෙනම නැගිටිද්දි කෙල්ලත් ඔවුන්ගෙ පස්සෙන් ඇදී යන්න පටන් ගත්තා. ස්වානා කොයිතරම් සමාජයෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කලත් ටේහ්යොන්ග් ජිමින් දෙන්නා නම් කෙල්ලට එහෙම තනිවෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒකත් හරියට ආත්මීය බැඳීමක් වගේ.

Until We Meet || JJK ✓Where stories live. Discover now