"මොකක්ද ජංගුක් ඔයාගෙ අදහස?"
"අපි දේව සභාවෙ අයට අපිට පුළුවන් විදිහට දේවල් කියමු. මම ෂියානාට කියලා අවස්ථාවක් ගත්තා. අපිට චන්ග්නොම් කඳු මුදුන ලඟදි එයාලව හම්බවෙන්න පුළුවන් වෙයි."
"ඒ කියන්නෙ අපි ආයෙත් එහෙට යනවා."
"ඔව් ජිමින්.... මේ සේරම ඉවර කරගන්න අපි එහෙට යනවා."
ජංගුක් කියද්දි ජිමින් ඉක්මනින්ම යන්න අවශ්‍ය දේවල් සූදානම් කරගත්තා. චන්ග්නොම් කඳු මුදුන තමයි ඔවුන් සියලු දෙනාගෙම හමුවීම් වල ආරම්භය සිදු වුන තැන. ඉතින් එතනදිම මේ සේරම විසඳගන්න පුළුවන් වෙයි කියලා ඔවුන්ට හිතුනා. ජංගුක්ගෙ හිතේ නම් මේ සේරම විසඳෙයි කියලා විශ්වාසයක් තිබුණත් අනිත් අයට ඒක දෙගිඩියාවක් විතරක් වුණා.
පැය තුනකට ආසන්න ගමනකින් පසුව වර්තමාන චන්ග්නොම් කඳු මුදුනට යන්න ඔවුන්ට හැකි වුණා. වසර සියයකට අධික පැරණි ඉතිහාසයක් තියෙන මේ කඳු මුදුන අදටත් එහි නොනැසී පැවතුනා වගේම අතීතයේ එහි පැවති මාලිගාව පෙනෙන්නට තිබුණේ නැහැ. දැන් එහි තිබුණේ ගල් තලාවක් පමණයි. මිනිසුන්ගේ එතරම් අවධානයට ලක් නොවුන නිසා චන්ග්නොම් කඳු මුදුන තවදුරටත් රහසිගත ස්ථානයක්ව පැවතුණා.
ඔවුන් එහි යන විටත් ෂියානා, ස්වානා සහ තවත් දේව සභාවට අයත් පිරිසක් එතැන සිටියා.
********************
"නුඹ..... අතීත ජොන්හ්වන් අධිරජු. වර්තමාන ජංගුක්... නුඹට මේ දේව සභාව තුළදී පැවසීමට තරම් විශේෂ යමක් තිබෙනවාද?"
"එහෙමයි දේව අධිපති තුමනි! මම කතා කරන්නේ ස්වානා ගැන. ඇය දැන් වෙනම ජීවිතයක් තියෙන කෙනෙක්. ඇයට දෙමව්පියන් ඉන්නවා ඒ වගේම මේ ටේහ්‍යොන්ග්ට ඇයව ආපහු අවශ්‍යයි."
"නමුත් ඇය දේව නීති කඩ කළ අයෙක්. සමාව ලබා දිය නොහැකි තරම්ම. ඇය කල වරද නිසාවෙනුයි ෂියානා දේවතාවිය විනාශ වීමට ගියේ."
දේව අධිපති තුමා පවසද්දි ස්වානා හිස බිමට හරවගත්තා. හැමදේම පටන් ගත්තෙ ඇය. මුලින්ම ෂියානාව මාලිගාවෙන් පිටතට අරගෙන නොගියා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති නොවේවි. සියලු දෙනාම නිරුත්තර වූ මොහොතේ ෂියානාට පැවසීමට අවශ්‍ය වුණ දෙයක් තිබුණා.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!