Chapter 1

587 101 48
                                    

"වසර 1195 දී සිදු වුණා යැයි සලකන මෙම සිදුවීම් මාලාව එක්තරා මිත්‍යාවක් ලෙස සලකනු ලබන්නේ මෙය සත්‍යයක් බව ඔප්පු කිරීමට තරම් සාක්ෂි කිසිවක් ලැබී නොතිබීම හේතුවෙනි. මහාචාර්ය වරුන්ගේ අදහස අනුව නම් මෙය ගොතන ලද මිත්‍යා කතාවක් විය හැකියි......"

වසර 2023, සෝල් නැෂනල් යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් එකට අදාලව ඉගැන්වීම් කරන මේන් ප්‍රොෆෙසර් කෙනෙක් තමන්ගෙ ලෙක්චර් එක පටන් අරගෙන පැය කිහිපයක් ගත වෙලා තිබුණා. ඒත් අද ප්‍රොෆෙසර් ගෙ මුල්ම වැඩේ වෙලා තිබුණෙ එතන ඉන්න ළමයින්ට හිස්ට්‍රි උගන්නන එක. සයන්ස් ලෙක්චර් එකක් ඇතුළෙ හිස්ට්‍රි උගන්නන ඒ දක්ෂ ප්‍රොෆෙසර් මේ කරන්නෙ හෙට යන්න තිබුණු ට්‍රිප් එකට ලමයින්ගෙ උනන්දුව වැඩි කරන එක. ඒත් ඉතින් ලෙක්චර් එකට පින්සිද්ද වෙන්න සිද්ධ වුණේ නම් ඒකෙ අනිත් පැත්ත.

"ඒයි....... මටත් ඕකෙන් කෑල්ලක් දියන්කො. අර මනුස්සයගෙ කතාව අහගෙන ඉඳලා මට බඩ දඟලනවා වගේ."

"මට බෑ. දැන් කීයක් කෑවද ඔහේ? ටිකක් සංවර විදිහට කතා කරනවා. මෙතන කෙල්ලෙක් ඉන්නවා කියලා පේන්නෙ නැද්ද?"

"අනේ ඉතින් උඹගෙ සංවර කම. මං කියන්නෑ.... ස්වානා........ ඔයාටත් දෙන්නද?"

ෆස්ට් ඉයර් එකේ ඉගෙනගන්න ලමයි තුන්දෙනෙක්.... එතනින් කොල්ලො දෙන්නා හිටියෙ ලෙක්චර් එක ගැන කෙසේ වෙතත් කෑම වලට අවධානය දෙන ගමන්. ඒ අතරෙදි කෙල්ල නම් හිටියෙ හැමදාම වගේ ප්‍රොෆෙසර් කියන දේවල් හොඳට ඔලුවට දාගන්න ගමන්. ඒත් ඉතින් කෙල්ලගෙ දෙපැත්තෙන් ඉඳගෙන පිස්සො දෙන්නෙක් වගේ කෑගහන කොල්ලො දෙන්නා නිසා කෙල්ලටත් ඒ වැඩේ වැඩි වෙලාවක් කරගෙන යන්න බැරි වුණා.

"යාආආආආ....... කිම් ටී හියොන්ග්.... තමුන් හිතන් ඉන්නෙ මෙතන කැන්ටින් එකක් කියලද? එතකොට තමුන් පාර්ක් ජිමින්..... තමුන් ලා දෙන්නා අඩුම ඔය කෙල්ලටවත් පාඩුවෙ වැඩක් කරගන්න දෙනවා."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Until We Meet || JJK ✓Where stories live. Discover now